Month November 2024

විගමනික ශ්‍රමිකයින්ට ඉහළ වැටුප් ගන්න වැඩපිළිවෙළක්

රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ…

‘සමථකරණ සංකල්පය‘ පාසල් සිසුන්ට

සමථකරණ සංකල්පය පාසල් පද්ධතියට ප්‍රවේශ කිරිම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත “පාසලට සමථකරණය” වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාත් දෙදින ගුරු පුහුණු වැඩසටහන පසුගියදා පැවැත්වුණි. එහි සමාරම්භක උළෙල 29 වැනිදා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 2005 වර්ෂයේදී බ්‍රිතාන්‍ය…

කාන්තාව සවිබල ගැන්වීමට සහාය දෙන බව එ. ජා. ජනගහන අරමුදල කියයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා…

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය. පිළියන්දල පැවති ජන හමුවකට සහභාගි වෙමින්…

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගයි. මෙම…

දශක තුනකට පසු විවෘත කෙරුණු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීම අද (01) සිදුකර තිබෙනවා. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි…

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ -ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…

කරාපිටියේ දොස්තරලා 95ක් රට ගිහින්-විශේෂඥ වෛද්‍යවරු 15කුත් ඒ අතර

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරු 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සිට මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යූ.එම්. රංග මහතා පවසයි. වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු…

මතීෂ යළි චෙන්නායි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් මීළඟ තරගවාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිල ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ රඳවා තබා ගැනීමට තීරණය කරයි. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් දේවත්වයෙන් සලකන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක එම්එස් දෝනිගේ ඉල්ලීමක් අනුව චෙන්නායි සුපර් කිංග්ස් පිලේ තවදුරටත් මතීෂ…

කායාට ඉන්දියාවේදී ගොල්ෆ් ජයක්

ඉන්දියාවේ පළමු කාණ්ඩයේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කායා දළුවත්ත සමත් වූවාය. බැංගලූර් නුවර පසුගියදා පැවැති එම තරගාවලියේදී එරට හොඳම ක්‍රීඩිකාවන් 20 දෙනකු අබිබවා කාන්තා කිරුළ දිනූ 16 හැවිරිදි කායා ඉන්දියාවේ ප්‍රධානතම ගොල්ෆ් කුසලානයක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා…