Month November 2024

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම…

ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වලත්…

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. බෞද්ධාගම සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියකු වූ ඒ මහතා, බෞද්ධාගමට අනුව භාවනා ක්‍රම සම්බන්ධයෙන් දෙස් විදෙස් දේශන පවත්වා ඉමහත්…

රටට අවශ්‍ය ශක්තිමත් රජයක් – ඇමැති විජිත හේරත්

රටට අවශ්‍යවී තිබෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් රජයක් බවත්, එවිට රජයේ වැඩ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට නඟන සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් කරගැනීමට ජනතාව කටයුතු කළ…

ඇතුගල්පුරයම හඬවමින් පුබුදි සමුගනියි

බදුල්ලේ දී සිදුවූ මාරක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු වූ පුබුදි හෙට්ටිමුල්ල තරුණ දියණිය ඇතුගල් පුරවරයම හඬවමින් ඊයේ (3) අවසන් ගමන් ගියාය. අවුරුදු 23ක් වූ ජීවිතයේ සුන්දර කාලයේදීම ජීවිතය අත්හැර යාමට තරම් දෛවය ඇයට අකාරුණික වී තිබේ. කුරුණෑගල ශුද්ධ…

පියාගේ උපන් දිනයට එන්න ගිය ඉසුරි ජනතා සෝ සුසුම් මැද මිහිදන් වෙයි

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලාවේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටිය දී විෂය සමගාමී අධ්‍යාපන චාරිකාවකට එක් වෙමින් නුවර ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටිය දී ඉකුත්දා නුවරට ආසන්න ප්‍රදේශයක දී සිදුවු මාරක රිය අනතුරකින් මියගිය නිවිතිගල කොළඹගම පහළකන්ද…

මා ළඟ ඇති සහල් තොග විස්තර පාරිභෝගික අධිකාරියට දුන්නා-ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

තමා සතු සියලු සහල් තොග පිළිබඳ නිවැරැදිව පාරිභෝගික සේවා අධිකාරියට අනාවරණය කර ඇති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයාට ශක්තියක් වීම තම අභිප්‍රාය බවත්, සියලු සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන බවත් ඒ මහතා කියා සිටියේය. ඩඩ්ලි…

දෘශ්‍යාබාධ සහිත 750කට දළදා මාලිගයෙන් සුදු සැරයටි

ජාත්‍යන්තර සුදුසැරයැටි දිනය නිමිත්තෙන් දෘශ්‍යාබාධ සහිත 750 දෙනකුට ශ්‍රී දළදා මාලිගාව මඟින් සුදු සැරයටි ප්‍රදානය කිරීම කිරීම පසුගියදා පල්ලේකැලේ බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට අනුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒ…

ගාලු වරායේ නව විදත් සිතියම එළිදැක්වෙයි

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම ඉකුත් 1 වැනිදා එම කාර්යාලයේදී සිදුකෙරිණි. 2024 අංක 7 දරන ජල ශාස්ත්‍රීය පනත ඔස්සේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ…

ජොන්ස්ටන්ගේ බවට සැක ෆෝර්ඩ් කාරයක් කොට්ටාවෙන් සොයා ගැනේ

කොට්ටාව, ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් පෙරේදා (02) සොයා ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. අලුත්වැඩියාවක් සඳහා බව පවසමින් වාද්දූව ප්‍රදේශයේ පදිංචි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ…