වයඹ පළාතම ආලෝකවත් කරන “වයඹ සසුන් කෙත මහා සංඝ සභාව”
සංඝයාගේ සමගිය සැපතකි. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ මේ බුද්ධ ශාසනය අවිච්ඡින්නව වර්ෂ 2568ක් වැනි දීර්ඝ කාලයක් පැවතුණේ සංඝ සාමග්‍රිය නිසා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. තුනුරුවන් අතරින් අද සජීවීව දක්නට ලැබෙන්නේ උතුම් මහා සංඝරත්නයයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනයේ චිරපැවැත්ම උදෙසා සංඝායනා…