Month November 2024

සගයන්ගේ සහයක් නැති පැතුම් ගඟට ඉනි කපයි-හුදෙකලා සටනක නිරත වූ පැතුම් නිශ්ශංක

දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 5ක තියුණු ජයක් මේ අවුරුද්දේ විස්සයි20 තරගාවලි 6යි: ශ්‍රී ලංකාව 5ක් දිනුම් සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත්තේය.…

ශ්‍රී ලංකා-පාකිස්තාන ‘ඒ’ සිව්දින ගැටුම අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) පිල අතර තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ඉස්ලාමාබාද්හිදී ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාව දෙවරක් (2023 සහ 2024) ඇෆ්ගනිස්තානය (2024) පරාජය කරමින් අඛණ්ඩව සිව්දින ටෙස්ට් තරගාවලිය…

රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි ගොඩනැඟීම මාලිමාවේ අපේක්ෂාවයි-අගමැතිනි හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව නව රජයක් යටතේ රාජ්‍ය අංශය නිසි පරිදි සකස් කර, ජනතාවගේ නැති වී ගිය විශ්වාසය යළි ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේදී ඊයේ (10) පැවති ජන හමුවක්…

මැතිවරණ ප්‍රචාරක වැඩ අද රෑ 12න් අවසන්

නොවැම්බර් 14 දා පැවැත්වෙන මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය. මේ…

මි.මී 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තුවක්

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර  මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.…

INS Vela සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vela සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ (10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට පැමිණි INS Vela සබ්මැරීනය, දිගින් මීටර් 67.5ක්…

සූරියවැව තොරතුරු තාක්ෂණ උයන සුදු අලියෙක්-සියලු සම්පත් කැලයට යට වී ගිහින්

මහින්ද චින්තනය ප්‍රතිපත්තිය යටතේ 2014 අගෝස්තු 21 වැනිදා රුපියල් මිලියන 366කට අධික මුදලක් වැය කර ඉදිකිරීම් ආරම්භ කර තිබූ සූරියවැව තොරතුරු තාක්ෂණ උද්‍යානය මේ වන විට සුදු අලියකුව කැලයට යට වී ගිය පාළු සුසානයක් බවට පත්ව තිබේ. ආසියාවේ පරිගණක දැනුම්…

අන්තර්ජාල මුදල් ජාවාරම් කළ නීතිඥවරියක් ගැබිනියන් 2ක් ඇතුළු 59ක් අත්අඩංගුවට-නිවෙසේ මාසික කුලිය රු. ලක්ෂ අනූවක්

පරිගණක 167ක් ජංගම දුරකතන 61ක් පොලිස් භාරයට වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් විදේශීය ජාතිකයන් ඉලක්ක කර අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමක නීතිඥවරියක්, ගැබිනි කතුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 59 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට…

සංචාරකයන්ට බාධා නොවෙන්න ආරුගම්බේ ආරක්ෂාව තරකරන්න-ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා

ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැඟෙන පරිදි කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නැ‍ෙඟ‍නහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයා…

මධ්‍යම අධිවේගයේ පොතුහැර-රඹුක්කන ඉදි කිරීම් 2026 අග වන විට නිම කරන්න-ඇමැති විජිතගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ තුන්වැනි කොටසේ ඉදි කිරීම් කටයුතු 2026 වසරේ දෙසැම්බර් 31 දා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.…