Month November 2024

ලේක්හවුස් ආයතනයට කඩා වැදුණු රථය

කොළඹ ලේක්හවුස් ආයතනයට අද (11) අළුයම් කාලයේ මෝටර් රථයක් කඩා වැදී අනතුරක් සිදු වී තිබෙයි. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත. අනතුරින් රථයේ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ලේකහවුස් ආයතනයේ ඉදිරිපස…

මූල්‍ය වංචාවක් ගැන සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් අනාවරණයක්

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍යය අමාත්‍යංශය සදහන් කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන, WhatsApp හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු…

පියා පැද වූ ජීප් රියට යටවී අවුරුදු 03 දරුවා මරුට

පියා පැදවූ ජිප් රථයට යටවීමෙන් 3 හැවිරිදි  දරුවෙකු මිය ගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 10, මරදාන දුම්රිය නිල නිවාස පදිංචිව සිටි විහග සත්සර නැමැති දරුවෙකි. ලිපි ලේඛන කීපයක් ගැනීම සඳහා  මරදාන දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයෙන්…

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට…

චක්‍රලේඛ තේරුම් නොගෙන බොරු කීම සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා-ජාජබ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වහන්න යනවා කියලා අද අලුත් බොරුවක් ගොතාගෙන යනවා. අතේ පැළවෙන බොරු නොකියා සතියක්වත් දුවන්න පුළුවන් බොරුවක් ගොතන්න ඕනෑ. චක්‍රලේඛ වැරදියට තේරුම් අරන් ජනතාවට බොරු කියන එක දැන් සමහරුන්ගේ ප්‍රතිපත්තියක් වෙලා යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක…

සැලසිනේ මුල් පුටුවට සමන් රෝහිත

සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සමන් රෝහිත සිල්වා මහතා පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. ‘ඇඩවර්ටයිසින් රෝහිත’ ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ පිළිගැනීමට…

බදුලු ඔය පිටාර ගලා පවුල් 62ක 222ක් විපතට

බදුල්ල ප්‍රදේශයේ ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් පවුල් 62ක සාමාජිකයන් 222ක් විපතට පත් වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ඊයේ (10) පැවසීය. එමෙන්ම බදුල්ල නගරය සහ අවට ප්‍රදේශ රැසක පස්කඳු, ගල්පර්වත හා…

ආරක්‍ෂක ලේකම්වරයා දීඝවාපියේ නිරීක්ෂණයක

දීඝවාපි මහසෑ රදුන්ගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාර කර්තෘ සහ ‘දීඝවාපිය අරුණ භාරය’ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, පෙරේදා (9) ඓතිහාසික දීඝවාපිය…

මහියංගණයේ හිමිනම උඩුදුම්බර දමා ගිය ජිප් රිය ගැන විමර්ශන

මහියංගණය ප්‍රදේශයේ සිට පිරිතකට වැඩම කළ එක්තරා හිමිනමක් විසින් උඩුදුම්බර උයන්වල නිවසක නවත්වා ගිය බව කියන සැකකටයුතු ජිප් රථයක් සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකටයුතු වාහනයක් උඩුදුම්බර පොලිස් වසමේ උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක නවත්වා ඇති බවට ලැබුණු…

ආරුගම්බේ ප්‍රහාරයකට සැලසුම් කළෙත් ට්‍රම්ප් ඝාතනයට කුමන්ත්‍රණය කළ ඉරාන ජාතිකයායි-අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව කියයි

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) චෝදනා ගොනු කර ඇති 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති ඉරාන ජාතිකයා ආරුගම්බේහිදී ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමටත් ඉරාන බලධාරීන් විසින් යොදවා සිටි අයකු බව අමෙරිකාවේ නීති…