Month November 2024

ඡන්දයට වැසෙන සුරාසැල්

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වන්නේ. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල…

ස්පාඤ්ඤයේ ගංවතුර ඛේදවාචකයට රජයට දොස් කියමින් ලක්ෂ සංඛ්‍යාත වැලෙන්සියානු ජනතාව වීදි බසී

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ ගංවතුර ඛේදවාචකයට ප්‍රාන්ත ප්‍රධානියා වගකිව යුතු බවත්, ඔහු වහාම ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව එම ප්‍රාන්තයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයන් 200කට අධික පිරිසකට මරු කැඳවමින්…

ගාසා තීරයේ සාම ප්‍රයත්නයෙන් කටාර් රාජ්‍යය ඉවත් වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ඉන් ඉවත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කටාර් රාජ්‍යය මේ තීරණය ගෙන ඇත්තේ ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කරන හමාස්…

පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් වසර 2030 දී ඉන්දියාවෙන් ගිගාවොට් 500ක ඉලක්කයක්

වසර 2030 වන විට පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් ගිගා වොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ගෝලීය වශයෙන් උද්ගත වී ඇති දේශගුණික විපර්යාස…

වසර 132ක් පැරණි පණිවිඩයක් සහිත බෝතලයක් ස්කොට්ලන්තයේ ප්‍රදීපාගාරයකින් හමු වෙයි

රහසිගත පණිවිඩයක් බහාලූ වසර 132ක් පැරණි බෝතලයක් දකුණු ස්කොට්ලන්තයේ පිහිටි ප්‍රදීපාගාරයක් තුළින් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පණිවිඩය වසර 132ක් පැරැණි බව එම බෝතලය සොයාගත් ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම බෝතලය…

බලුකිස්තානයේ දුම්රිය පොළක බෝම්බ පිපිරීමකින් 26ක් මරුට

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවර දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් ඇතුළු හමුදා සෙබළුන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ක්වේටා දුම්රිය ස්ථානයේ සිට පේෂාවර් දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය වීමට නියමිතව තිබියදී එම බෝම්බය පිපිරී…

සල්මාන් රුෂ්ඩිගේ ‘සැටනික් වර්සස්’ තහනම් නියෝගය අතුරුදන්-නවදිල්ලි මහාධිකරණයේදී හෙළි වෙයි

ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිතුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ලෝක ප්‍රකට සාහිත්‍යකරු සල්මාන් රුෂ්ඩිගේ ‘සැටනික් වර්සස්’ කෘතිය ආනයනය කිරීම තහනමට ලක් කරමින් වසර 1988 දී ඉන්දීය අධිකරණයකින් ලබා දුන් නියෝගය අතුරුදන් වී ඇතැයි පසුගියදා නවදිල්ලි නුවර මහාධිකරණයේදී හෙළිවූ…

ගාසා තීරයේ යුද්ධයේ පළමු මාස 6දී මියගිය 70%ක්ම කාන්තාවන් හා දරුවන්-එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවකින් හෙළි වෙයි

ගාසා තීරයේ යුද ගැටුම් සිදුවූ පළමු මාස 6 ඇතුළත මියගිය පුද්ගලයන්ගෙන් 70%ක්ම දරුවන් සහ කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම ක්‍රමානුකූලව උල්ලංඝනය…

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන්  මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා  මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11)…

දරුවන් අතර පැතිර යන වෛරස් උණ අවධානමක්

දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු දෙමාපියන්ට දැනුම්දෙයි. “පසුගිය දවස්වල…