Month November 2024

මහමැතිවරණය යළි කැඳවන්නැයි ජෝර්ජියාවේ ජනපතිගෙන් ඉල්ලීමක්

ජෝර්ජියාවේ පසුගිය මස පැවැති මහමැතිවරණය දූෂිත බවටත්, රජයට පක්ෂව සිදුවූ බවටත් විපක්ෂය චෝදනා එල්ල කිරීම හේතුවෙන් උද්ගතවූ අර්බුදය විසඳීමට නැවත මැතිවරණයක් පවත්වන ලෙස එරට ජනාධිපතිනිය සැලෝමි සුරබිෂ්විලි ඉල්ලීමක් කර ඇතැයි ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය මස 26 වැනිදා පැවැති…

හෙස්බුල්ලා සාමාජිකයන්ගේ පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝග දුන්නේ මමයි-ඊශ්‍ර­ායල අගමැතිවරයා පළමුවරට පිළි ගනී

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් පණිවුඩ යන්ත්‍ර හා සෙසු සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට අනුමැතිය දෙනු ලැබුවේ තමා විසින් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. ඒඑෆ්පී පුවත් සේවය සඳහන් කරන්නේ එම මාරාන්තික පිපිරීමට ඊශ්‍රායලය සම්බන්ධ බවට පිළිගනු ලැබූ…

ආබාධය හේතුවෙන් වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි-ස්කෑන් පරීක්ෂණය අද: කුසල් ‘ෆිට්‘

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග හෙට (13) ආරම්භවන එක්දින තරගාවලියට එක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසූ‍වේ ආබාධය පිළිබඳ ඉදිරි කටයුතු…

ඔස්ට්‍රේලියාවේදී කිඹුල් කටට වැටුණු ඉයන් බෝතම් නූලෙන් බේරෙයි

ලෝක ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ඉයන් බොතම් කිඹුලුන්ගෙන් පිරුණු ගඟකට වැටීමෙන් අනූනවයෙන් දිවි බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ 68 හැවිරිදි බෝතම් මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ උතුරු ඔස්ට්‍රේලියාවේ මොයිල් ගංගාවේ මසුන්…

දඹුලු පිටියේ ‘කඩුලු ත්‍රිත්වයක්’ ලැබූ පළමු ක්‍රීඩකයා ලොකී ෆර්ගසන්

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘කඩුලු ත්‍රිත්වයක්‘ ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස නවසීලන්ත වේග පන්දු යවන ලොකී ෆර්ගසන් වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ 33 හැවිරිදි ෆර්ගසන් ඕවර් 2ක් යවා ලකුණු 7කට කඩුලු 3ක් පිට පිට…

පරාජයේ වගකීම මම ඇතුළු පිතිකරුවන් භාර ගන්නවා-නායක චරිත් අසලංක

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ලෙස අඩු ලකුණු ගණනක ඉලක්කයක් හඹා යෑමේදී මෙයට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබූ බවත්, තමන් ඇතුළු සියලු පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගන්නා බවත් ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය. සංචාරක නවසීලන්ත කණ්ඩායම…

මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව අනිද්දා (14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය. ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට (13) සිට සිදු කිරීමට නියමිතය.…

හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වැනිදා…

ගුවන් ගමන් ප්‍රමාදය ගැන මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන්න-ඇමැති විජිතගෙන් නිලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ. ගුවන්තොටුපොළත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමත් නියෝජනය වන පරිදි ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ මේ විශේෂ…

චීන ආධාරවලින් කොළඹ ඉදිවන අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 5ක ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදෙයි

චීන රජයේ ආධාර යටතේ කොළඹ නගරය ඇතුළු ආසන්න නගර කිහිපයක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘති 5කට අදාළ ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදීම ඊයේ (11) ග්‍රාමිය හා නාගරික සංවර්ධන නිවාස ඉදිකිරීම් ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරිණි. අඩු…