Month November 2024

රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වෙනවා-ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති

රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වන බවත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් අපේක්ෂා කරන බවත් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රටවල් දහයක් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඊයේ (12)කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින්…

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපති ලසන්ත ප්‍රනාන්දු

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ලසන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. මෙරට විශාලතම වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළ ඒ මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය, ක්ෂුද්‍ර…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (13) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. උතුරු…

රිෂාඩ්-කාදර් මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති

වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනකු පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. මෙම ගැටුමේදී රිෂාඩ් බදියුදීන් මහතාගේ…

ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරන්නැයි ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එම සංචාරක උපදේශනය එරට පුරවැසියන්…

මාතරම දැන් ගඳයි

දිනෙන් දින එකතු වන කුණු වලින් “මාතර” පොදු වෙළෙඳ පොළ අබියස කුණු කන්දක් හැදී ඇති බව, ප්‍රදේශවාසීහූ පවසති. තැන තැන කැළි කසළ ගොඩගැසීම හේතුවෙන්, විශාල ඳුඟදක් හමන බව, ඔවූහු පෙන්වා දෙති. පැමිණෙන ජනතාව මින් දැඩි පීඩාවට පත්ව සිටිති. සිදුවන පරිසර…

නුවරඑළියට එන සංචාරකයන්ට සුපිරි අවන්හලක්

නුවරඑළිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළින්ම දිනාගත් සංචාරක පුරවරයකි සීතල මිහිදුම් පහස විඳිමින් සුන්දර නුවරඑළියේ සංචාරය කරමින් එහි අසිරිය විඳින්නට දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි. ලෝකාන්තය, හෝර්ටන්තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව ආදී ස්ථාන සංචාරකයන්ගේ සිත්ගත් දර්ශනීය ගමනාන්ත වී…

කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ 13 වැනි ගුණ සමරුව 21දා

සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ 13 වැනි ගුණ සමරු උත්සවය මේ මස 21 වැනිදා පස්වරු 3.00 ට කොළඹ, පදනම් ආයතනයේදී පැවැත්වේ.මෙහිදී අරිසෙන් අහුබුදු සූරීන් පිළිබඳව ගුණ සිහිකරමින් ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ…

මහත් හරසරින් පැවැති අමෙරිකාවේ කඨින පින්කම්

ලෝවැසි බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කඨින පින්කම මහත් හරසරින් පැවැත්වීමට අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික වෙහෙර විහාරස්ථාන පියවර ගෙන තිබේ. අමෙරිකාවේ බෞද්ධ විහාර රැසක වස් කාලයෙන් පසු කඨින පින්කම් රැසක් ලාංකික හා සෙසු රටවල බෞද්ධයන් විශාල පිරිසකගේ දායකත්වයෙන් පවත්වා…

67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවෙන්….

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය මේ මස 03 වැනිදා සිට 08 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පැවැත්වූ 67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වූවාය‍. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ…