Month November 2024

ආසියානු කුසලාන යොවුන් කාන්තා ක්‍රිකට් දෙසැ. 15 සිට මැලේසියාවේදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 15 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වේ. කණ්ඩායම් 6ක් එක්වන තරගාවලිය විස්සයි20 ආකෘතිය යටතේ සංවිධාන කරන අතර, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට…

කුසල්ගෙන් චරිත්ට චරිත සහතිකයක්

වත්මන් ක්‍රිකට් නායක චරිත් අසලංක තැනට ඔබින නුවණ ඇති දක්ෂ නායකයකු බවත්, ඔහු ක්‍රීඩා පිටියේදී ගන්නා තීරණ බොහෝ විට නිවැරදි ඒවා බවත් ශ්‍රී ලංකා පිලේ අංක තුන පිතිකරු හා හිටපු නායක කුසල් මෙන්ඩිස් පැවැසීය. මෙන්ඩිස් එලෙස අසලංක පිළිබඳ චරිත සහතිකයක්…

මෙරුවෝ ඉන්දු-දකුණු අප්‍රිකා තරගය පැය බාගයක් නවත්වති

මෙරුවන් විශේෂයක් පිටියට කඩා වැදීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පෙරේදා සෙන්චූරියන්හිදී පැවති තෙවැනි විස්සයි20 තරගය පැය බාගයකට ආසන්න කාලයක් නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. මේ තරගයේ දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ පළමු ඕවර යැවීමෙන් පසු මේ මෙරුන්…

මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර අහිමිවූ මැති ඇමතිලා

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙකු පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව කංචන විජේසේකර, උදය ගම්මන්පිල, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා,…

අගමැති හරිනි ඉතිහාසගත මනාප වාර්තාවක් තබයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානයට පත් වී තිබෙයි. මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස මෙම…

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර ඇත. ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 141 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18 ක් ලබා ගනිමින් සමස්ත ආසන 159 ක් ලබා ගනිමින් ඉතිහාසගත ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙයි. සමගි ජන බලවේගය මන්ත්‍රී …

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.

මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් හඳුන්වාදෙයි

ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හඳුන්වා දී තිබේ. මෙම ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වයඹ, උතුරු මැද, උතුර, නැඟෙනහිර, දකුණ සහ ඌව…

වැරදි ඇගිල්ලක් පාට කර ඡන්ද පොලක් නොසන්සුන්…

මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදි දබර ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබුණත් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට එය අමතක වී ගොස් සුපුරුදු පරිදි සුළැඟිල්ලේ තීන්ත ආලේප කර තිබේ.