Month November 2024

අසිත-තීක්ෂණ-වැන්ඩර්සේ ලකුණු 36කට කඩුලු 6ක් බිඳ හෙළති-ශ්‍රී ලංකාවට ලකුණු 210ක ඉලක්කයක්

කඩුලු 2ක් බිඳ හෙළූ අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ සුබ පැතුම්.  අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ එක්ව ලකුණු 36ක් තුළ දී කඩුලු 6ක් බිඳ හෙළා නවසීලන්ත මැද පෙළ හා පසු පෙළ සුනුවිසුනු කිරීමෙන් ප්‍රහාරාත්මක වේගය පල්ලම් බැස ගිය පසුබිමක දෙවැනි…

විශිෂ්ට ජයක් ලැබූ ජාජබයට සජබයෙන් සුබපැතුම්

මහමැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට අවංකව සුබ පැතුම් එක් කර සිටින බව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.…

උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර උසස් පෙළ…

මෙවර පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක්

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සනිටුහන් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් 22 දෙනකු තේරී පත්ව තිබේ. ඒ අතරින් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරති. මහජන නියෝජිත ආයතනවලට වැඩි කාන්තා නියෝජිතයන් ප්‍රමාණයක් පත්විය යුතුව ඇති බවට මත පළ…

දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්-තෙදින වැඩමුළුවකුත් පවත්වයි

දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන…

සර්වජනයෙන් දිලිත්

සර්වජන බලය පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් සුසන්ත ජයවීර මහතා නම් කර ඇත. පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව දිලිත් ජයවීර…

තවත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මහනුවර පොලීසිය භාරයට

චැසි අංකය වෙනස් කරන ලද බවට සැක කෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ තවත් ජීප් රථයක් මහනුවර පොලීසිය භාරයට ගෙන තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු ඍජු පැමිණිල්ලකට අනුව මෙම ජීප් රථය සොයාගෙන ඇත්තේ මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍ය ව්‍යාපාරිකයකු සතුව තිබියදීය. මේ ජීප් රථය…

පාර්ලිමේන්තුවට තේරුණු දමිළ මන්ත්‍රීවරුන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ තීරණයක

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්…

අරුසු කච්චි ලැයිස්තු ධුරයක් පැරදුණු දොස්තර සත්‍යලිංගම්ට-තීරණය ගැන ඇතුළෙන් ප්‍රශ්න

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට වෙන් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූ එම පක්ෂයේ මහ ලේකම් පී. සත්‍යලිංගම් වෛද්‍යවරයාට දීමට දේශපාලන කමිටුව 17 දා තීරණය කිරීමත් සමඟම යළිත් එම පක්ෂය තුළ අර්බුදයක් මතු…

ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට…