Month November 2024

මගීන් 99දෙනකු රැගත් ගුවන්යානයකට ඩලාස් ගුවන්තොටේදී වෙඩි ප්‍රහාරයක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිටි බව ද…

කිලෝමීටර් දාහක දුරකට එල්ල කළ හැකි බැලැස්ටික් මිසයිලයක් ඉන්දියාවෙන්

කිලෝමීටර් දහසක පමණ දුර ස්ථානගත කර ඇති යුද නෞකා හෝ ප්‍රහාරක ගුවන්යානා රඳවන යාත්‍රාවලට එල්ල කළ හැකි දුරදිග බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය ඉදිරි දින කිහිපය ඇතුළත අත්හදා බැලීමට ඉන්දීය ආරක්ෂක…

විභාගය අසමත්වීමෙන් කලකිරුණු චීන සිසුවකුගේ පිහි ඇනුමෙන් 8කට දිවි අහිමි වෙයි – තවත් 17කට තුවාල

නැඟෙනහිර චීනයේ වෘත්තීය අධ්‍යාපන විද්‍යාලයක 21 හැවිරිදි සිසුවකු විභාගය අසමත්වීමෙන් දැඩි කෝපයට පත්වී සිදු කළ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පිහි ඇනුම සිදු…

උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිල්ලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

සිවිල් වැසියන් 72දෙනකු මියගිය බව පලස්තීනය කියයි උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නුවර නේවාසික ගොඩනැඟිල්ලකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 72 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයත් සමඟ ගොඩනැඟිල්ල බිමට කඩා වැටී ඇති අතර,…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මෙපර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබිණි.…

ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙයි. නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. මේ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා…

නාමල් හදිසියේම කතරගම යයි – පළතුරු පූජාවක් ද තබයි

 පොදු  ජන එක්සත්  පෙරමුණට  හිමි වු ආසන 03 ට  අදාළ මහජන  නියෝජිතයන්  වන නාමල්  රාජපක්ෂ .ඩි වි. චානක  .යන මන්ත්‍රී වරුන්  ඊයේ  (17)   දින රාත්‍රි  කතරගම  පුදබිම ට පැමිණ  ආගමික වතාවත්  තුල නිරත විය. කිරිවෙහෙර වැද පුදාගෙන රුහුණු  මහා  කතරගම දේවාලයට පැමිණ   දෙවියන්  වෙත පළතුරු  පුජාවක් තැබීමට මෙම පිරිස කටයුතු කර තිබිණි.…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර  ආරක්ෂක , මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි

 නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය. මේ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය…

බදුල්ල පස්සර මාර්ගයේ නායයෑමක් – ගමනාගමනයට බාධා

බදුල්ල පස්සර ලුණුගල ඒ් 5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශය අද ( 18)  දින අළුයම නායයෑමට ලක්වීම නිසා  මාර්ගය මුළුමනින්ම වැසී තිබේන බව බදුල්ල ආපදාකළමණාකරන ඒ්කකය පවසයි. මාර්ගයට ඉහළ කදුකර ප්‍රදේශය  වැස්සත් නොමැතිව තිබියදි අද උදේ 2.45ට ඒක පමණ  නායයෑම…