Month November 2024

ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන

නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට පමණක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය…

අගමැතිනි හරිනි රාජකාරි අරඹමින්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු අගමැති කාර්යාලය වෙත පැමිණ සිය ධුරයේ ඊයේ (18) වැඩ ආරම්භ කරමින් අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී…

විදේශ කටයුතු සහ සංචාරක ඇමැති විජිත හේරත් වැඩ අරඹයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (18) පැවති චාම් උත්සවයක දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. එම අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ. ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු…

විමල් වීරවංශට මෙඩිකල් දුන් පාණදුරේ දොස්තරට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පාණදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුට පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (18දා) නොතීසි නිකුත් කළේය. උපයා ගත් ආකාරය…

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපති ඉංජිනේරු බන්දුල කරුණාරත්න

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු බන්දුල කරුණාරත්න මහතා පත් කර තිබේ. සැලසුම් හා කළමනාකරණ ඉංජිනේරු සේවාවන් පිළිබඳව අත්දැකීම් හා පළපුරුද්ද සහිත ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ වරලත් ඉංජිනේරුවරයෙක්…

වින්ඩ්සර් මාලිගාවට හොරු පනිති ඩබල් කැබ් රථයක් සහ යතුරුපැදියක් අතුරුදන්

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි ලෝක ප්‍රකට වින්ඩ්සර් මාලිගාවට සොරුන් දෙදෙනකු කඩා පැන එහි තිබූ ඩබල් කැබ් රථයක් සහ රෝද හතරේ ක්වෝඩ් යතුරුපැදියක් සොරකම් කර පලා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔක්තෝබර් මාසයේ සිදුවූ එම සිදුවීම පසුගියදා ස්කයි…

ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැතිවරයාට

කැරීබියන් දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පිරිනැමීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් 70,000ක් පරිත්‍යාග කරමින් ඉන්දියාව විසින් ලබා දුන් සහාය අගය කරමින් එම ජාතික…

දිල්ලියෙත් වායු දූෂණය බරපතළයි-වායු ගුණත්ව දර්ශකය 400 පනී

ඉන්දියාවේ දිල්ලි නුවර මෑත කාලයේ ඉහළම වායු දූෂණය ඊයේ වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. නවදිල්ලි අගනුවර ඇතුළුව දිල්ලි පළාතේ දිස්ත්‍රික්ක රැසක ඊයේ උදෑසන වන විට වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී තිබූ බවත්, දිල්ලියේ වායු ගුණත්ව දර්ශකයේ 481ක් ලෙස…

ටැන්සානියාවේ ගොඩනැඟිල්ලක් කඩා වැටී 13ක් මරුට

නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ ඩාරුස්සලාම් අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිව්මහල් ගොඩනැඟිල්ලක් හදිසියේම කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් පසු තවත් පුද්ගලයන් 84 දෙනකු මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත්වූ බවත්, එහි…

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශක මරු දකී

ලෙබනනයේ මධ්‍යම බීරුට් නුවර ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීරුට් අගනුවර රස් අල් නබා දිස්ත්‍රික්කයේ පිහිටි එම…