Month November 2024

ඩග්ලස්ට වරෙන්තු

රුපියල් මිලියන 20ක මුදලක් අගරු චෙක්පත් ලෙස ලබාදී වංචා කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21)…

උසස් පෙළ විභාගයට ආපදාවලින් ඇතිවිය හැකි බාධා මඟහරවා ගැනීමට වැඩපිළි‍වෙළක් සැකසේ

උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට වැඩපිළි‍වෙළක් සකස් කෙරේ. මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ඉදිරියේදී බෙංගාල බොක්ක මුහුදු…

මින් මතු නීතියට ඉහළින් කිසිවකුත් නෑ-පාර්ලිමේන්තු මංගල සැසියේදී ජනපති කියයි

– ආන්දෝලනයට තුඩු දී ඇති අපරාධ පිළිබඳ යළිත් විමර්ශන– ජාතිවාදයට හෝ ආගම්වාදයට මේ රටේ නැවත හිස ඔසවන්න බෑ– තනි පක්ෂයක් වටා, තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශි කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි– අපට ඡන්දය දුන් සහ නොදුන් සෑම පුරවැසියකුගේම බලාපොරොත්තු ඉටු කිරීම අපගේ වගකීමක්– තවදුරටත් ජනතාවගෙන් ඈත්…

මින් පෙර මන්ත්‍රීවරයකු නොවූ අයකු කථානායක ධුරයට පත්වීම පරිවර්තනීය වෙනසක්-මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගෙන් සුබ පැතුම්

අභිනවයෙන් තේරී පත් වූ කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සුභාශිංසන පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනවයෙන් පත් වූ කථානායක ආචාර්ය අශෝක…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල අද මි.මී. 100කට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) දිනයේද මි.මී. 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. උතුරු, උතුරු-මැද, නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අද දිනය…

ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැහැ-හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ

ජනතා විමුත්ති පෙරමුණ හැර මේ රටේ වෙනත් කිසිදු පක්ෂයකට හෝ නායකයකුට ප්‍රතිපත්තියක් නැතැයි හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (20) පැමිණ වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මේබව පැවසීය. විධායක ජනපතික්‍රමය…

නාගරික සංවර්ධන-නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී රාජකාරි ඇරඹීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී උපාධිධරයකු වන රංජිත් ආරියරත්න මහතා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා කිහිපයකට ද ඔහු…

ස්ථාවර නියෝගවලට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කිරීම කථානායකගේ වගකීමක්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් සුබ පැතුම්

දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත විපක්ෂයේ සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. පාර්ලිමේන්තු සභා ගැබ තුළ අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් කටයුතු කිරීම අභිනව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක්…

පහළ ගිය උද්ධමනය

2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී…

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භයේ සිදු කරන ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා