Month November 2024

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් එම සතුන් තෑගි කළ බව රුසියාවේ පාරිසරික…

බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

අමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සහ චීන ජනපති ෂී ජින්පින් අතර අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක නායකයන් ලෙස දෙදෙනාගේ අවසන් හමුව සිදුවී ඇත්තේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර…

ක්‍රීඩා සංගම් සමඟ සහ­යෝ­ග‍යෙන් කට­යුතු කර­නවා – නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න-ශ්‍රී ලාංකි­ක­යන්ගේ පැතුම් ඉටු කිරීම රජයේ අපේ­ක්ෂා­වයි – නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ක්‍රීඩා සංගම් සමඟ ඉතා සහ­යෝ­ග‍යෙන් කට­යුතු කොට ගැටු­ම්ව­ලින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරී­මට බලා­පො­රොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය. රටේ ක්‍රීඩාව නඟා සිටු­වී­මට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත්, ඒ වෙනු­වෙන් නිවැ­රදි ක්‍රම­වේද අනු­ග­ම­නය…

වනිඳුට-තීක්ෂණට කෝටි දෙකක ලංසුවක්

ලබන වසරේ පැවැ­ත්වෙන ඉන්දීය ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ක්‍රීඩක වෙන්දේ­සිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරා­බියේ ජෙඩා­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය. මේ සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී සිටි අතර, ඉන් ක්‍රීඩ­ක­යන් 574ක් ඉදි­රි­පත් කිරී­මට සංවි­ධා­ය­ක­යන් කට­යුතු කර තිබේ.…

සනත් සමඟ ක්‍රීඩ­ක­යෝ පිරි­සක් දකුණු අප්‍රි­කා­වට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩා­යම් සාමා­ජි­කයෝ පිරි­සක් පෙරේදා දකුණු අප්‍රි­කාව බලා පිටත්ව ගියහ. ඊට ක්‍රීඩ­ක­යන් හත් දෙනෙක්, ප්‍රධාන පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය සහ සහාය කාර්ය­ම­ණ්ඩ­ලයේ කිහි­ප­දෙ­නකු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ. ටෙස්ට් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් 10 දෙනකු මින් පෙර දකුණු අප්‍රි­කාව බලා පිටත්ව…

ඉන්දීය ඉනිම 150කට බිඳ දැමූ ඔස්ට්‍රේ­ලි­යාව 67/7යි

ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර ඊයේ පර්ත්හිදී ආරම්භ වූ බෝඩර්-ගව­ස්කාර් ටෙස්ට් තර­ගා­ව­ලියේ පළමු තර­ගයේ සංචා­රක ඉන්දීය පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරී­මට ඔස්ට්‍රේ­ලි­යා­නුවෝ සමත් වූහ. කෙසේ වෙතත් පළමු දින­යට තර­ගය නතර කරන විට ඔස්ට්‍රේ­ලි­යාව අසීරු තත්ත්ව­යක පසු වූයේ පළමු ඉනිම වෙනු­වෙන්…

විදෙ­ස් ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක්-ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන්ගේ ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී රුපි­යල් කෝටි 141,444ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,844) විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව පසු­ගිය 2023 වසරේ මුල් මාස…

අනු­ර­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ සිසු­වෙක් ගෙල කපා­ගෙන මරු දකී

අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ අධ්‍යා­ප­නය ලබන සිසු­වෙක් ජම්පටා වීදියේ පිහිටි විහා­ර­ස්ථා­න­යක වැසි­කි­ළි­යක් තුළ ගෙල කපා­ගෙන මිය­ගොස් සිටිය දී පෙරේදා (21) රාත්‍රී කාලයේ දී හමු වූ බව වෙර­ළ­බඩ පොලී­සිය සඳ­හන් කරයි. මෙම සිසුවා අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ විදුලි තාක්ෂ­ණ­වේ­දය සම්බ­න්ධ­යෙන් අධ්‍යා­ප­නය ලබ­මින් සිටි…

පාර්ලි­මේ­න්තු­වට පත් වූ නවක මන්ත්‍රී­ව­රුන්ට දින 3ක වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනුම්­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සාම්ප්‍ර­දා­යි­කව සිදු කරනු ලබන…

ඉදිරි අවු­රුදු පහේ ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් උප­යා­දීම අපේ­ක්ෂා­වයි-ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

කර­දිය, මිරි­දිය ධීවර කර්මාන්ත දියුණු කර­මින් ඉදිරි අවු­රුදු පහේ ජාතික ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් ලබා දීමට අපේක්ෂා කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැව­සීය. ඒ සඳහා මෙරට ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් තවත්…