Month November 2024

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වල විශේෂ ධූමායන වැඩසටහනක්

මෙවර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු විභාග අපේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ මදුරු විකර්ශකයක් ගල්වා විභාගයට පැමිණීම ඉතාමත්…

KDU බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් මියගොස් තිබේ. අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙලෙස මියගොස් ඇත. ඔහු යාපනය…

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා(25) සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු…

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, විස්තීරණ අරමුදල් පහසුකමේ…

ඉන්දි­යා­වෙන් සහල් ගෙන්වන කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ-මෙට්‍රික්ටොන් 70,000ක් ගේන බව ඇමැති ලාල් කාන්ත කියයි

රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සීය. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ…

අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් ගිය ගුවන්යා­නයේ දොරටු හැරී­මට මගි­යෙක් උත්සාහ කරයි

කළ­හ­කාරී ලෙස හැසි­රුණු කැනේ­ඩි­යානු මගි­යකු අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් පියා­සර කර­මින් තිබූ එයාර් අමෙ­රිකා ගුවන්යාන­යක දොර­ටුව හැරී­මට උත්සාහ ගැනීමේ සිදු­වී­මක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ මිල්වූකි නුවර සිට ඩලාස් නුවර දක්වා පියා­සර කර­මින් තිබූ එම ගුවන්යාන­යේදී එම සිදු­වීම වාර්තා වූ බවත්…

ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන ‘යෙහෙළිය’ නීතිපති ලෙස පත් කරයි

අැමරිකානු අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි රජයේ නව නීතිපතිවරිය ලෙස ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන මිතුරුකම් සහිත නීතිඥවරියක වන පෑම් බොන්ඩි පත් කර ඇත. නීතිපති ධූරය සඳහා මැට් ගේට්ස් සිය නම ඉවත් කර ගැනීමෙන් පසු ට්‍රම්ප් මෙම පත්කිරීම යෝජනා කළේය. බොන්ඩි මහත්මිය…

යුරෝපය ‘එකම චීනය මූලධර්මය‘ අනුගමනය කළ යුතු බවට ප්‍රකාශයක්

චීන තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යුරෝපයේ අයුතු සංචාරයක නිරත වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා 20 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. තායිවාන ප්‍රශ්නය, චීන ප්‍රතිලාභයන්හි හරය බව පැවසූ Lin Jian…

2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව ඇරඹෙයි

2024 ලෝක අන්තර්ජාල සම්මේලනය (WIC) 20 වැනිදා නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Wuzhen හි පෞරාණික ජල නගරයේදී ආරම්භ විය. “AI ජනතා කේන්ද්‍රීය සහ යහපත් ඩිජිටල් අනාගතයක් සඳහා යොදා ගනිමින් සයිබර් අවකාශයේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාවෙන් Wuzhen සමුළුව පැවැත්වේ.…

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙති

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 වැනි ගිනස් ලෝක වාර්තා දිනය යෙදී තිබූ පසුගිය 13…