Month November 2024

වොෂින්ටන් නුවර නාඳුනන ආලෝක රැස්මාලාවක්-පිටසක්වළ යානාවක්දැයි සැකයක්

අමෙරිකාවේ වොෂින්ටන් නුවර ඉහළ අහසේ නාඳුනන ආලෝක රැස් විහිදීමේ සිදුවීමක් පිළිබඳ එරට පර්යේෂකයන්ගේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ආලෝක රැස් පිටසක්වළ ජීවින්ගේ ආක්‍රමණයක් බවට අනුමාන කරමින් අගනුවර ජනතාව බියට පත්වි ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ චීන මාධ්‍යවේදියාට වසර 7ක සිරදඬුවම්

විදේශීය රටකට ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීනයේ මාධ්‍යවේදියකුට වසර 7ක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කළ 62 හැවිරිදි ඩොං යූයූ නමැති මේ මාධ්‍යවේදියා 2022 වසරේ පෙබරවාරි මාසයේ දිනයක චීනයේ ජපාන…

අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම-ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පනත සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත එම තහනම ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ටික්ටොක් හා ස්නැප්චැට් ඇතුළු…

නත්තල් සීයාට එන ඇමතුම්

නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබේ. පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව…

ජනපති පුටින් කළ දරුණු තර්ජනය

තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්‍රේනයේ කිව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. ඔහු අවධාරණය කරන්නේ අමෙරිකාව ඇතුලු බටහිර රටවල් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියානු භූමිය වෙත…

ලෝක කුසලානයට ගිය දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. ලක්ෂ 60ක් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අනුග්‍රහක චෙක්පත ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුදේශ් තරංග මහතා වෙත පිරිනැමූ අයුරු. පාකිස්තානයේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

සිංගප්පූරු කලාත්මක පිහිනුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් 3ක්, රිදී 3ක් සහ ලෝකඩ පදක්කමක්

සිංගප්පූරු විවෘත කලාත්මක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවෝ සමත් වූහ. සිංගප්පූරුවේ ඕබීසී පිහිනුම් මධ්‍යස්ථානයේ පසුගියදා පැවති කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවෝ කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.…

ජාතික සැලැස්මකට අනුව ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි- නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න

ජාතික සැලැස්මකට අනුව ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවත්, අප සියලුදෙනාම එක අරමුණක් වෙනුවෙන් කැප විය යුතු බවත් එවිට ලෝකය ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා පැවසීය. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ…

ශ්‍රී ලංකාව කඩුලු 5ක් අතැතිව ලකුණු 413ක් පසුපසින්

ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනඟමින් නායක ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කළ විශිෂ්ට ශතක හේතුවෙන් ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල…

කුසල් ජනිත් පන්දු 15න් 50යි

අබුඩාබි ටී10න් තරගාවලියේදී පන්දු 15කින් ලකුණු 50ක් රැස් කිරීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සමත් විය. මේ ඉනිම හේතුවෙන් තරගාවලියේ 27 වැනි තරගයෙන් නොදන් වොරියර්ස් පිලට එරෙහිව ස්ට්‍රයිකර්ස් පිලට කඩුලු 9ක ජයක් අත්විය. මේ තරගාවලියේ ස්ට්‍රයිකර්ස් පිල තරග 6කදී…