Month November 2024

භික්ෂු චර්යා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන විහාර දේවාලගම් ආඥා පනතේ සංශෝධනයක් වත්මන් රජයෙන් බලාපොරොත්තු වෙනවා-අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි

භික්ෂුන් වහන්සේගේ චර්යාත්මක දුර්වලතා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභා මඟින් ගන්නා තීන්දු තීරණ අධිකරණය මඟින් ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන එන ලෙස පසුගිය රජයන් ගණනාවකට කළ යෝජනා…

පොහොර සහනාධාර ගැටලුවට කඩිනමින් විසඳුම් දෙනවා-කෘෂිකර්ම පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ භාර ගනිමින් කියයි

පොහොර සහනාධාරය පිළිබඳව යම් යම් ප්‍රදේශවල මතු වී ඇති ගැටලු ඉතා ඉක්මනින්ම නිරාකරණය කරන බව කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය. එමෙන්ම මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් පැනනැඟී ඇති බවත් ඒ සඳහා ද කඩිනමින් විසඳුම්…

ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ට සන්නිවේදන-තාක්ෂණික උපකරණ

ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිඳියාව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ බෙදා දීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්…

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න වැඩ භාර ගනිමින්

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය. එම අවස්ථාවට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන…

වගකීම් ඉටු කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයත් අපට දෙන්න-වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ වැඩ භාර ගනිමින් පවසයි

පැවරී ඇති වගකීම් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා දෙන්නැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා පැවසීය. නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව…

පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය 2024 ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි. පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව…

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ හා…

වඳුරු උණ ආසාදිතයින් ඉහළට – WHO විසින් අනතුරු ඇඟවීම්

වඳුරු උණ (mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්වේ. පවතින තත්ත්වය හමුවේ, mpox සඳහා ඉහළ මට්ටමින් අවදියෙන්…

මෙත­නෝල් සහිත ව්‍යාජ මත්පැන් බී ලාඕ­ස­යේදී සංචා­ර­කයෝ 6ක් මරු දකිති

මාරා­න්තික මෙත­නෝල් රසා­ය­නික ද්‍රවණය සහිත ව්‍යාජ මත්පැන් පානය කිරීම හේතු­වෙන් ලාඕ­සයේ වැං වීන්ග් නුවර සංචා­රක පුර­ව­රයේ සිටි විදේ­ශික සංචා­ර­ක­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා එම සංචා­රක පුර­ව­රයේ නවා­තැන් ගෙන සිටි යොවුන් වියේ පසුවූ අමෙ­රි­කානු ජාතික…

චීන ඔත්තු සේවා­ව­කින් රජ­යට අන­තුරු ඇඟ­වී­මක්

රාජ්‍ය රහස් සොර­කම් කිරීම සඳහා විදේ­ශීය නියෝ­ජි­ත­යන්ට රටේ දැවැන්ත කැමරා නිරී­ක්ෂණ ජාලයේ දෝෂ භාවිත කළ හැකි බවට චීනයේ ඉහ­ළම ඔත්තු සේවා ඒජ­න්සිය රජ­යට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වී චැට් ගිණු­මෙහි පළ කරනු ලැබූ එම…