Month November 2024

ප්‍රදේශ රැසකට මිලි මීටර් 100 ට වැඩි තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පද්ධතිය අද උදෑසන 2.30 පමණ වනවිට…

චීන ආධාර නිවාස ව්‍යාපෘති සඳහා පරිපූරක ගිවිසුම් අත්සන් තැබේ

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්ව නඟා සිටුවීමේ අරමුණින් චීන රජයේ යුවාන් මිලියන 552ක මූල්‍ය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස 1,888ක් හා ප්‍රවීණ කලාකරුවන් 108ක් සඳහා වන නිවාස ව්‍යාපෘතියේ පරිපූරක ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේදී ඉකුත්…

යටි දේශපාලන අරමුණු නැති වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමඟ වැඩ කළ හැකියි-කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ ලක්ෂ 65ක් වූ වැඩ කරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමඟ එක්ව ගත හැකි සියලු පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය. යටි දේශපාලන අරමුණුවලින් තොරව කටයුතු…

රට ගොඩනඟන ගුණාත්මක වෙනසේ වැඩි කොටසක් අධ්‍යපනයට හිමි විය යුතුයි

මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයේ සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී අගමැතිනිය කියයි අපට ලැබුණු කඩාවැටුණු රට ගොඩනැඟීමේදී ගුණාත්මක වෙනසක් අවශ්‍ය කරන බවත් ඒ ගුණාත්මක වෙනසේ විශාල පංගුවක් අධ්‍යාපනික වශයෙන් සිදු විය යුතු බවත් අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. මේ…

ඉම්රාන්ට නිදහස ඉල්ලා ආධාරකරුවෝ දසදෙසින් ඉස්ලාමාබාද් නුවරට-අගනුවර වසා දැමීමට – අන්තර්ජාලය අත්හිටුවීමට පියවර

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විපක්ෂයේ දහස් සංඛ්‍යාත ජනතාව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අගනුවර වසා දැමීමටත්, අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය පියවර…

‘මිස්ටර් වර්ල්ඩ්’ කිරුළ පුවර්ටෝ රිකෝ රාජ්‍යයට සම්මාන ද්විත්වයක් දිනූ මේඝ සූරියආරච්චි-අවසන් 10 දෙනා අතරට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

ලෝක රූ රැජන තරගයට සමගාමීව එම සංවිධානය විසින් පවත්වනු ලබන ‘මිස්ටර් වර්ල්ඩ්’ කඩවසම් තරුණයා තරගයේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි ජනතාවගේ තේරීම සම්මානය අත්කර ගැනීමට සමත් වූ බව…

නෙතන්යාහුගේ ජාත්‍යන්තර වරෙන්තුව බ්‍රිතාන්‍යයේදීත් වලංගුයි

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහුට බ්‍රිතාන්‍ය භූමියට ඇතුළුවිය නොහැකි බවත්, එසේ වුවහොත් ඔහු අත්අඩංගුවට පත්වනු ඇති බවත් බ්‍රිතාන්‍යය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති කලා නිර්මාණ වෙන්දේසියකදී බිත්තියකට අලවා තිබූ කෙසෙල් කලා කෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 6.24ක විශාල මුදලකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙන්දේසි භූමියේ බිත්තියක ටේප් පටියක ආධාරයෙන් අලවා තිබූ එම ස්වාභාවික කෙසෙල් ගෙඩිය ලෝක…

අමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි ‘හැක්’ කිරීම පිළිබඳ සෙනෙට් අධිකරණ අනුකමිටුවෙන් පරීක්ෂණ

අමෙරිකාවේ ටෙලිකොම් සමාගම් ඇතුළු එරට රාජ්‍ය ආයතන රැසකට වෙබ් අඩවිවලට චීන ඔත්තු නිලධාරීන් අනවසරයෙන් ඇතුළු වූ බවට සැක කෙරෙන සිදුවීමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට අමෙරිකාවේ සෙනෙට් අධිකරණ අනුකමිටුව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ තාක්ෂණ ගැටලු අධීක්ෂණය කරන එම…

සුන්නි – ෂියා බැතිමත්හු පාකිස්තානයේදී ගැටෙති-82ක් මරුට – තවත් 156කට තුවාල

වයඹදිග පාකිස්තානයේ සුන්නි හා ෂියා ආගමික නිකායන්ට අයත් බැතිමතුන් අතර පැතිරී යමින් පවතින නව ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 82 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ගැටුම්වලින් තවත් පුද්ගලයන් 156 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…