Month November 2024

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉතා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 200 ට වැඩි ඉතා තද…

ශ්‍රී ලංකාවේ චීන තානා­පති ඇතුළු චීන රජයේ නියෝ­ජිත පිරිස සහ ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක්

චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ අන්ත­ර්ජා­තික දෙපා­ර්ත­මේ­න්තුවේ උප ඇමැ­තිනී Sun Haiyan මහ­ත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානා­පති Qi Zhenhong ඇතුළු චීන රජයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් හා ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක් ජවිපෙ ප්‍රධාන කාර්යා­ල­යේදී පෙරේදා (24) පස්ව­රුවේ පැවැ­ත්විණි. මේ අව­ස්ථා­වට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්…

ඉල් විරු­වන් ගොඩ­නැඟූ පක්ෂ­යක් නොති­බුණා නම් ජනතා ආණ්ඩු­වක් බිහි­වන්නේ නැහැ-35 වැනි ඉල් විරු සැම­රුම වෙනු­වෙන් වෛද්‍ය නලින්ද ජය­තිස්ස කියයි

ඉල් විරු­වන් ගොඩ­නැඟූ සංවි­ධා­නා­ත්මක, ධෛර්ය සම්පන්න, කැප­කි­රීම් කරන පක්ෂ­යක් නොති­බුණා නම් මෙරට පාල­ක­යන් අසා­ර්ථක වූ විට ජනතා ආණ්ඩු­වක් බිහි­නො­වන බව සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය. ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ 35 වැනි ඉල් විරු සැම­රුම වෙනු­වෙන් පෙරේදා…

පක්ෂ පාට භේද නොතකා ජනතා අපේක්ෂා ඉටු­ක­රන්න-මල්වතු නාහි­මියෝ කථා­නා­ය­කට කියති

පාර්ලි­මේ­න්තුව තුළ පසු­ගිය කාල­යේදී මන්ත්‍රී­ව­රුන් හැසි­රුණු ආකා­රය සම්බ­න්ධ­යෙන් ජන­තාව පැහැ­දී­ම­කින් නොසිටි බවත් නවක මන්ත්‍රී­ව­රුන්ද බහු­ත­ර­යක් නියෝ­ජ­නය කරන වත්මන් පාර්ලි­මේ­න්තුව ආද­ර්ශ­වත් එකක් වනු ඇතැයි විශ්වා­ස­යක් පව­තින බවත් මල්වතු පාර්ශ්වයේ මහ­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හි­මියෝ පව­සති. කථා­නා­ය­ක­ව­ර­යාට පවා බැණ වැදී…

නව අමා­ත්‍යාංශ දෙක­කට ලේක­ම්වරු දෙදෙ­නෙක් ජන­පති ලේකම් අතින් පත්වීම් ලබති

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් නව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් දෙදෙ­නෙකු පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා විසින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (25) පිරි­නැ­මිණ.‍ ඒ අනුව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා  අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රිය…

ඇමැති හඳු­න්නෙත්ති වසර 4කට පසුව මහ­ජන දිනය අරඹයි

කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහ­තාගේ අද­හ­ස­කට අනුව අමා­ත්‍යාං­ශයේ මහ­ජන දිනය නැව­තත් ක්‍රියා­ත්මක කිරීම ඊයේ (25) ආරම්භ කෙරිණි. 2020 වස­රේදී අව­ස­න්ව­රට ක්‍රියා­ත්මක කළ අමා­ත්‍යාං­ශයේ මහ­ජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියා­ත්මක කිරීම විශේ­ෂ­ත්ව­යකි. සෑම සඳුදා දින­කම උදෑ­සන 9…

මන්ත්‍රී­ව­රුන් 162ක්ම නව­ක­යන් වීම 10 වැනි පාර්ලි­මේ­න්තුවේ විශේෂ ලක්ෂ­ණ­යක්-පාර්ලි‌මේන්තු‌වේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර

පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූ මන්ත්‍රී­ව­රුන් 162ක්ම නව­ක­යන් වීම දස වැනි පාර්ලි­මේ­න්තුවේ සුවි­ශේෂී ලක්ෂ­ණ­යක් බව පාර්ලි‌මේන්තු‌වේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය මෙහිදි පැව­සු­වාය. සුවි­ශේෂී දැනු­මක් ඇති, අත්දැ­කීම් බහුල නිල­ධා­රීන්ගේ සම්පත් දාය­ක­ත්වය ඔස්සේ පව­ත්වනු ලබන මෙම වැඩ­මු­ළු­වෙන් සිය­ලුම මන්ත්‍රී­ව­රුන් උප­රිම ප්‍රයෝ­ජන ගනු ලබනු…

ගංව­තු­රට හසු වූ මාතර උසස් පෙළ දරු­වන් විභාග මධ්‍ය­ස්ථා­න­ව­ලට ගෙන යන්න බෝට්ටු සහ හමු­දාව

අධික වර්ෂාව සහ ගංව­තුර තත්ත්වය මත ඊයේ (25) ආරම්භ වූ උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින දරු­වන් විභාග මධ්‍ය­ස්ථාන වෙත රැගෙන යෑමට අකු­රැස්ස, අතු­ර­ලිය, මාලි­ම්බඩ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලින් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් යොදා තිබුණි. මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අම­ර­සිංහ මහ­තාගේ උප­දෙස් මත මාතර…

නැඟෙ­න­හිර පළාතේ ජල ගැලී­ම්ව­ලින් පවුල් 119ක 324ක් පීඩා­වට

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යට නොක­ඩවා ඇද­හැ­ලෙන වර්ෂාව හේතු­වෙන් ඇතිවූ ජල­ගැ­ලී­මෙන් සේරු­විල, තඹ­ල­ග­මුව, වෙරු­ගල් හා මූතූර් යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල පවුල් 119කට අයත් 324ක පිරි­සක් පීඩා­වට ලක්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය ඊයේ (25) පැව­සීය. ගංව­තුර තත්ත්වය හේතු­වෙන් නිවාස දෙක­කට අර්ධ හානි සිදු…

වැස්සත් සමඟ බදුල්ලේ මාර්ග රැසක නාය­යෑම් යළි සක්‍රිය වෙනවා-දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ සහ­කාර අධ්‍යක්ෂ

බදුල්ල දිස්ත්‍රි­ක්කය පුරා මේ දින­වල දවස පුරා පව­තින වර්ෂා­වත් සමඟ මාර්ග කිහි­ප­යක නාය­යෑම් සක්‍රිය වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම් උද­ය­කු­මාර මහතා  පැව­සීය. පස්සර, ලුණු­ගල 13 කණුව ප්‍රදේ­ශය, පස්සර, මඩො­ල්සිම මාර්ගයේ ඩුමා හන්දිය ආදී ප්‍රදේ­ශ­වල නිතර…