Month November 2024

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ -ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…

කරාපිටියේ දොස්තරලා 95ක් රට ගිහින්-විශේෂඥ වෛද්‍යවරු 15කුත් ඒ අතර

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරු 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සිට මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යූ.එම්. රංග මහතා පවසයි. වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු…

මතීෂ යළි චෙන්නායි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් මීළඟ තරගවාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිල ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ රඳවා තබා ගැනීමට තීරණය කරයි. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් දේවත්වයෙන් සලකන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක එම්එස් දෝනිගේ ඉල්ලීමක් අනුව චෙන්නායි සුපර් කිංග්ස් පිලේ තවදුරටත් මතීෂ…

කායාට ඉන්දියාවේදී ගොල්ෆ් ජයක්

ඉන්දියාවේ පළමු කාණ්ඩයේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කායා දළුවත්ත සමත් වූවාය. බැංගලූර් නුවර පසුගියදා පැවැති එම තරගාවලියේදී එරට හොඳම ක්‍රීඩිකාවන් 20 දෙනකු අබිබවා කාන්තා කිරුළ දිනූ 16 හැවිරිදි කායා ඉන්දියාවේ ප්‍රධානතම ගොල්ෆ් කුසලානයක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා…

යුද හමුදාවේ නිලක්ෂිකාගෙන් පළමු පෙළ තරගයකදී වාර්තාගත ප්‍රහාරයක්-පන්දු 110කදී හයේ 6යි හතරේ 17යි ලකුණු 189යි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිලේ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 189ක් ලබා පළමු පෙළ තරගයකදී වාර්තාගත ප්‍රහාරයක නිරත වෙයි. 35 හැවිරිදි නිලක්ෂිකා ද…

මතීෂට චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයන් රඳවාගැනීමේ ලැයිස්තුවෙන් දැවැන්ත මිලක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2025) වාරයට පෙරාතුව, චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම විසින් ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 13 කට හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56 කට (ශ්‍රී ලංකා රුපියල්…

වසර 51කට පසු ස්පාඤ්ඤයට මහා ගංවතුරක්

– 95කට දිවි අහිමි වෙයි– තවත් පිරිසක් අතුරුදන් ස්පාඤ්ඤයේ නැඟෙනහිරෙන් පිහිටි වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 95දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බැවින් මරණ ගණන…

බ්‍රික්ස් මුදල් ඒකකයට යුරෝපා මහ බැංකුවේ විරෝධය

ලෝක ආර්ථිකයේ ප්‍රබලතම රටවල් පහක් එක්ව පිහිටුවා ගත් බ්‍රික්ස් සංවිධානය සිය මිත්‍ර රටවල් අතර නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට ගත් තීරණයට එරෙහිව යුරෝපීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා රුසියාවේ කසන් ප්‍රාන්තයේ පැවති බ්‍රික්ස් සමුළුවේදී…

IMF වෙතින් පාකිස්තානය ඩොලර් බිලියනයක හදිසි ණයක් ඉල්ලයි

පාකිස්තානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි ණයක් අපේක්ෂා කරන බව පාකිස්තාන මුදල් ඇමැති මොහොමඩ් අවුරන්ග්සාබ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ ණය පහසුකම පිළිබඳ අවධානය…

විකිපීඩියා සමාගමට ඉන්දියාවෙන් නඩුවක්

සිය මාධ්‍ය ආයතනය පිළිබඳ ලෝක ප්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ සාවද්‍ය හා අපහාසාත්මක හැඳින්වීමක් සිදු කර ඇතැයි කියමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් ‘ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල්‘ ආයතනය විසින් විකිපීඩියා හිමිකරුවන් වන අමෙරිකාවේ විකිමීඩියා සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…