Month November 2024

අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට(01) යෙදී තිබේ. අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ තැපැල්…

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව…

රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ඕනෑ-වගකීම පැවරෙන්නේ ඔබටයි – ජනපති මාතර දී කියයි

– රට ගොඩනඟා මිස අප ආපසු හැරෙන්නේ නෑ– මහ කන්නයේ වී මිල දී ගෙන රජයේ ගබඩා පුරවනවා අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා – මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු – මාතර අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් රටේ ප්‍රතිරූපය…

හෙද සේවාව මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. හෙද සේවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ…

විගමනික ශ්‍රමිකයින්ට ඉහළ වැටුප් ගන්න වැඩපිළිවෙළක්

රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ…

‘සමථකරණ සංකල්පය‘ පාසල් සිසුන්ට

සමථකරණ සංකල්පය පාසල් පද්ධතියට ප්‍රවේශ කිරිම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත “පාසලට සමථකරණය” වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාත් දෙදින ගුරු පුහුණු වැඩසටහන පසුගියදා පැවැත්වුණි. එහි සමාරම්භක උළෙල 29 වැනිදා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 2005 වර්ෂයේදී බ්‍රිතාන්‍ය…

කාන්තාව සවිබල ගැන්වීමට සහාය දෙන බව එ. ජා. ජනගහන අරමුදල කියයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා…

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය. පිළියන්දල පැවති ජන හමුවකට සහභාගි වෙමින්…

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගයි. මෙම…

දශක තුනකට පසු විවෘත කෙරුණු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීම අද (01) සිදුකර තිබෙනවා. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි…