ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පනත සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත එම තහනම ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, එක්ස්, ටික්ටොක් හා ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍යජාලා සඳහා බලපැවැත්වෙන අතර, සිය සමාජ මාධ්‍යයට ප්රවේශවන අවුරුදු 16ට අඩු ඔස්ට්‍රේලියානු දරුවන් ඉන් වැළැක්වීමට අදාළ සමාගම් පියවර නොගන්නේ නම් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක දඩයකට යටත්වීමට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසරක කාලයක අත්හදා බැලීමෙන් අනතුරුව 2025 අගභාගයේ සිට නීතිය බලාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.
ප්‍රංශය සහ අමෙරිකාවේ ප්‍රාන්ත රැසක දැනටමත් මවුයන්ගේ අවසරයකින් තොරව බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍යජාලය භාවිත කිරීම තහනම් කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ එම නීතිය බලාත්මක කිරීමට තීරණය වී ඇත්තේ මාපියන්ගේ අවසරය මත භාවිත කිරීමටද අනුමැතිය නොලැබෙන ආකාරයෙන් බව වාර්තා වේ. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී එම පනත සම්මතවීම පිළිබඳ ළමා අයිතිවාසිකම් සඳහා වන සංවිධාන රැසක් විරෝධය පළ කළද, එරට සිදු කළ සමීක්ෂණයකදී මවුයන්ගෙන් 77% ක්ම එම පනතට සහාය පළ කර ඇතැයි ද වාර්තා වේ.