ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.
පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව කඩිනමින් එම ගැටලුව නිරාකරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලවතුවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.