අමෙරිකාවේ වොෂින්ටන් නුවර ඉහළ අහසේ නාඳුනන ආලෝක රැස් විහිදීමේ සිදුවීමක් පිළිබඳ එරට පර්යේෂකයන්ගේ අවධානය යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ආලෝක රැස් පිටසක්වළ ජීවින්ගේ ආක්‍රමණයක් බවට අනුමාන කරමින් අගනුවර ජනතාව බියට පත්වි ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා රාත්‍රියක වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැඟිල්ලට ඉහළ අහසේ දර්ශනය වූ එම ආලෝක රැස් ගුවන් හමුදාවේ හිටපු නිලධාරියකු වන ඩෙනිස් ඩිගින්ස් නමැති පුද්ගලයකු ඡායාරූප ගත කර ඇති බවත්, එම ආලෝක රැස් නගරයේ පිහිටි නිදහසේ ප්‍රතිමාවට අඩියක් පමණ ඉහළින් ගුවනේ සැරී සැරූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
හිටපු ගුවන් හමුදා නිලධාරියා විසින් ගනු ලැබූ ඡායාරූප ඔහුගේ කැමරාවේ කාචයට පහළ වීදි ලාම්පුවල ආලෝකය පරාවර්තනය වීමෙන් ඇති වූ ආලෝක රැස් බව ප්‍රකාශ කරමින් නාඳුනන ආකාශ වස්තුන් පිළිබඳ පර්යේෂකයකු තර්කයක් මතු කර ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ආලෝක රැස් සටහන් වූ ඡායාරූප සම්බන්ධව තවත් පර්යේෂකයන් පිරිසක් වැඩිදුරට අධ්‍යයනය කිරීමට අවධානය යොමු කර ඇත්තේ පසුගිය 26 වැනිදා පස්වරුවේ ද එවැනි සිදුවීමක් වොෂින්ටන් නුවරින් වාර්තා වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.