දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසයි.
එළවළු වගාවන් ජලයෙන් යටවීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිවීම හමුවේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙළෙඳපොළේ නොමැතිවීමෙන් ඇතැම් එළවළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙන්දන් පවසා සිටියේ. අමු මිරිස් කිලෝවක් රු. 800, තක්කාලි රු. 400, මාළු මිරිස් රු. 650, බෝංචි 400 යන මිල ගණන් යටතේ මේ දිනයන්හි අලෙවි කරන බවත්, ඉදිරි දිනයන්වලදී එලවළු මිල තවත් ඉහළ යන බවද වෙළෙඳුන් පෙන්වා දෙයි.
හැටන් – රංජිත් රාජපක්ෂ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී තිබෙන බවත්, එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙෙළඳ සංගමය පවසා සිටී.
වැස්ස නිසා ගුණාත්මකභාවයෙන් යුතු එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයට නොලැබීම හේතුවෙන් ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදා වී තිබෙන බවත් ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජී. විජේනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවද පෙන්වා දෙන ලේකම්වරයා එළවළු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවද මධ්‍යස්ථානය තුළ කැරට්, ලීක්ස් කිලෝ එකක තොග මිල රු. 100ත් 140ත් මිලකට සෙමෙන් අෙලවි වන බව පවසයි.
පහතරට එළවළු බොහොමයක් වෙෙළඳපොළේ දක්නට නොමැති තරම් බව පෙන්වා දෙන ඒ මහතා එළවළු සිල්ලර මිල ඉහළ යා හැකි බව ද පෙන්වා දුන්නේය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බෝංචි කිලෝවක් රුපියල් 400ත්, 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීක්ස් කිලෝවක් රුපියල් 130ත් 140 අතර මිලකට අලෙවි වන බවත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 100කටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක මිලකට අලෙවිවීම සිදුවන බවද එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ආර්ථික මධ්‍යස්ථානය මෙදින යම් පාළු ස්වභාවයක් ගෙන තිබීම විශේෂත්වයකි.