UNICEF SRI LSNKA හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා අගමැතිනිය හමු වෙයි

UNICEF Sri Lanka ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Hannan Sulieman මහත්මි අගමැති කාර්යාලයේදී අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පසුගියදා (26) හමු විය.

මීට පෙර හමුවේදී නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය සාකච්ඡා කරන ලද ළමා ආරක්ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ යළි අවධාරණය කළාය.

UNICEF දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, UNICEF සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Christian Skoog , කලාපීය මෙහෙයුම් ප්‍රධානී Yuko Kusamichi, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.