චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමැති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන රජයේ දූත පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (26) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.
චීන දූත පිරිස නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමැති සුන් හයියැන් (Sun Haiyan), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun, නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම් Jin Yan සහ Zhang Guyu මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වූහ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරුන් ද රත්නායක අබේරත්න සහ සහන් කිරින්දගේ මහත්වරු ද එක්වූහ.