රන්දෙණිගල වාන් දමයි

ඇදහැලෙන ධාරානිපති වර්ෂාව සමඟ මධ්‍යම කඳුකරයේ වැඩිම ජල ධාරිතාව සහිත රන්දෙණිගල ජලාශයේ ස්වංක්‍රීය වාන්දොරටු තුනම මේ වන විට විවෘතව තිබේ.

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන්දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය.

වාන්දොරටු මඟින් තත්ත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන අතර මේ හේතුවෙන් මනම්පිටිය වැනි ප්‍රදේශවල ජලමට්ටම් ඉහළ යා හැකි බැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.