යොවුන් තර­ගා­ව­ලි­යට අපි හොඳින්ම සූදා­නම්-ආසියානු කුසලානයට ගිය කණ්ඩායමේ නායක විහස්

ආසි­යානු යොවුන් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සඳහා තමන් සහ කණ්ඩා­යමේ සෙසු ක්‍රීඩ­ක­යන් ද පෞද්ග­ලි­කම මෙන්ම කණ්ඩා­ය­මක් ලෙසත් හොඳ සූදා­න­ම­කින් පසු­වන බවත්, මේ තර­ගා­ව­ලි­යේදී තර­ග­යෙන් තර­ගය ඉදි­රි­යට යමින් සිය උප­රි­මය ක්‍රීඩා කර­මින් අව­සන් මහ තර­ගය දක්වා යෑම කණ්ඩා­යමේ බලා­පො­රො­ත්තුව බවත් ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කණ්ඩා­යමේ නායක කොළඹ තර්ස්ටන් විදු­හල් ක්‍රීඩක විහස් තෙව්මික පැව­සීය.

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය මෙහෙයවීමෙන් හෙට (29) ආරම්භ වන අවු­රුදු 19න් පහළ යොවුන් ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩා­යම ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර, ඉන් පෙර මාධ්‍යට අද­හස් දක්ව­මින් මේ බව කී විහස් මේ තර­ගා­ව­ලිය ඉලක්ක කර හොඳ පුහු­ණු­වක් මෙන්ම හොඳ පුහුණු තරග කිහි­ප­ය­කට ක්‍රීඩා කළ බවත් කීය.

මේ තර­ගා­ව­ලි­යේදී කණ්ඩා­යම් 8ක් කාණ්ඩ දෙක­කින් තරග වදින අතර, ‘බී’ කාණ්ඩ­යෙන් තර­ග­ව­දින ශ්‍රී ලංකාව මූලික වට­යේදී බංග්ලා­දේ­ශය, ඇෆ්ග­නි­ස්තා­නය සහ නේපා­ල­යට එරෙ­හිව තර­ග­වැ­දී­මට නිය­මි­තය.

ප්‍රති­වා­දීන් සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ඔහු පැව­සුවේ “කිසිදු කණ්ඩා­ය­මක් අව­ත­ක්සේ­රු­වට ගැනී­මට සූදා­නම් නැහැ. එක කණ්ඩා­ය­මක් ඉලක්ක කර නොව තර­ග­යෙන් තර­ගය අපේ උප­රි­මය ක්‍රීඩා කර­මින් අව­සන් තර­ගය දක්වා යෑම බලා­පො­රො­ත්තුව” බවයි.

මේ තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­ය­මට ක්‍රීඩ­ක­යන් 15 දෙනකු ඇතු­ළත් වන අතර, කණ්ඩා­යමේ උප නාය­කයා ලෙස සාන්ත බෙන­ඩික්ට් විදු­හලේ ශාරු­ජන් ශන්මු­ග­නා­දන් කට­යුතු කරයි.

මේ අතර කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස හිටපු ක්‍රීඩක ඩිල්රු­වන් පෙරේරා මහතා කට­යුතු කරන අතර, ඔහු එම තන­තු­රට පත්වී­මෙන් පසු කණ්ඩා­යම එක්වන පළමු තර­ගා­ව­ලිය මෙයයි.

“මම යොවුන් කණ්ඩා­යමේ පුහු­ණු­කරු තන­තුර භාර­ග­ත්තට පස්සේ සහ­භාගි වන පළමු තර­ගා­ව­ලිය මේක. මට හොඳ විශ්වා­ස­යක් තියෙ­නවා අපේ කණ්ඩා­යම ගැන. තර­ග­යෙන් තර­ගය ජය ගෙන ශූර­තාව දක්වා යෑම තමයි අපේ සැල­සුම. අත්දැ­කීම් ඇති ක්‍රීඩ­ක­යන් මෙන්ම නවක ක්‍රීඩ­ක­ය­න්ගෙන් ද සම­න්විත කණ්ඩා­ය­මට මේ තර­ගා­ව­ලි­යේදී හොඳ තර­ග­යක් දීමට ශක්තිය තියෙ­නවා” ඩිල්රු­වන් පැව­සීය.