මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍ර‍ෙය් බදු ක්‍රම ගැන නැවත සලකා බල­නවා- ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි

මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍රය තුළ ක්‍රියා­ත්මක වන විවිධ බදු ක්‍රම නැවත සලකා බලන බව ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ නව සභා­පති නවීන් සූරි­ය­ආ­රච්චි මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (26) සිය ධුරයේ රාජ­කාරි කට­යුතු ආරම්භ කර­මිනි.

මර­දාන ශාන්ත ජෝසප් විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යෙක් වන සූරි­ය­ආ­රච්චි මහතා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ව්‍යාපාර පරි­පා­ල­නය පිළි­බ­ඳව පශ්චාත් උපා­ධිය ලබා ඇති අතර, අමෙ­රි­කාවේ බෝස්ටන් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් 1998දී ආයෝ­ජන බැංකු­ක­ර­ණය පිළි­බ­ඳව Humphrey සාමා­ජි­ක­ත්වය (Humphrey Fellowship in Investment Banking) ලබා ඇත.

මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය හා ආයෝ­ජන පිළි­බ­ඳව පුළුල් හා ගැඹුරු දැනු­මක් සහි­තව බැංකු­ක­ර­ණයේ වසර 40ක විශිෂ්ට වෘත්තීය අත්දැ­කීම් ඇති නවීන් මහතා කොම­ර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී ඇතුළු ඉහළ තන­තුරු රැසක් දරා ඇත. සණස සංව­ර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යකු ලෙස ද කට­යුතු කර තිබේ.

විෂය භාර ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා සහ අමා­ත්‍යාං­ශය සමඟ එක්ව මේ වන විට මැණික් හා ස්වර්ණා­භ­රණ ක්ෂේත්‍රය තුළ ක්‍රියා­ත්මක වන විවිධ බදු ක්‍රම නැවත සලකා බලා ඉදිරි වස­රේදී මැණික් හා ස්වර්ණා­භ­රණ අප­න­යන ආදා­යම ඉහළ නැංවී­මට බලා­පො­රොත්තු වන බව නව සභා­ප­ති­ව­රයා මෙහිදී සඳ­හන් කළේය.