පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරී­ක්ෂ­ණ­වල ප්‍රග­ති­යක්ක-තෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂණ ධනා­ත්ම­කව සිදු වන බව පෙනී යන බවත් එම පරී­ක්ෂණ කඩි­න­මින් අව­සන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලා­පො­රොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා ඊයේ (27) ‘දින­මි­ණට’ පැව­සූහ.

ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා මෙසේ ද පැව­සූහ.

”පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධ පරී­ක්ෂණ පිළි­බඳ සෑහී­මට පත්වී­මට නම් ප්‍රහා­ර­යට සම්බන්ධ සියලු දෙනාට දඬු­වම් පැමි­ණ­වී­මට කඩි­නම් පිය­වර ගත යුතුයි. රජය විනි­වි­ද­භා­ව­යෙන් සෑම දෙයක්ම කළ යුතුයි. රහ­සි­ග­තව පරී­ක්‍ෂණ පවත්වා අපව දැනු­වත් කර­නවා වෙනු­වට ඔවුන් කළ යුත්තේ ඒවායේ ප්‍රති­ඵල මහ­ජ­න­තා­වට දැනු­ම්දී­මයි. වත්මන් පාල­න­යෙන් හුදු වාර්තා සම්පා­ද­නය කිරී­මක් බලා­පො­රොත්තු වෙන්නේ නැහැ. බෝම්බ ප්‍රහාර මාලා­වට සම්බන්ධ සියලු පුද්ග­ල­යන්ට එරෙ­හිව වහාම නිසි ක්‍රියා­මාර්ග ගත යුතුයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂ­ණ­ව­ලදී පසු­ගිය පාලන සමය තුළ නොස­ලකා හරින ලද සම­හර පැති ගැන රහස් පොලී­සිය දැන් අව­ධා­නය යොමු කර තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් වශ­යෙන්, ඔවුන් මේ වන විට චැනල් 4 බෝම්බ ප්‍රහා­ර­යන් පිළි­බඳ හෙළි­ද­රව් කිරී­ම්ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන් කැඳවා ප්‍රකාශ සට­හන් කර ගනි­මින් තිබෙ­නවා. අප බලා­පො­රොත්තු වූයේ එයයි. මෙම ප්‍රය­ත්න­යන් එකම මට්ටමේ කැප­වී­ම­කින් ඉදි­රි­යට යනු ඇතැයි අපි බලා­පො­රොත්තු වෙනවා.”