කිසිම ගොවි­යකු අත්නො­හැර පොහොර සහ­නා­ධාරය දෙනවා-නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

හෙක්ට­යාර 852,000ක කුඹුරු බිම් සඳහා සිය­ලුම ගොවීන්ට රුපි­යල් 25,000 බැගින් වූ පොහොර සහ­නා­ධා­රය අනි­වා­ර්ය­යෙන්ම ලබා දෙන බව කෘෂි­කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා රුපි­යල් මිලි­යන 20,000ක් වෙන් කර ඇති අතර පොහොර සහ­නා­ධා­රය බෙදා දීමේදී කිසිදු ගොවි­යකු අත් නොහ­රින බවද ඒ මහතා සඳ­හන් කළේය.

මේ මුදල් ඔවුන්ගේ ගිණු­ම්ව­ලට බැර කිරී­මේදී යම් යම් පමා­වීම් ඇති බව පිළි­ගන්නා බවත් එම ගැටලු නිරා­ක­ර­ණය කර­මින් සිටින බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ කෘෂි­කර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා:

“මේ වෙන­කොට පොහො­ර­ව­ලට අදා­ළව ගත්තොත් හෙක්ට­යා­ර­යක් සඳහා ගොවි ජන­තා­වට රුපි­යල් 25,000ක සහ­නා­ධා­ර­යක් ලබා දීමට රජය ආරම්භ කර තිබෙ­නවා. එහිදී රුපි­යල් 10,000ක් වැඩි කරපු මුදල මැති­ව­රණ නීතිය බල­පැ­වැ­ත්වී­මත් සමඟ වෙන­මයි දෙන්න සිදු වුණේ. මේ වෙන­කොට ඒක එක­ටම දෙන්න පටන් අරන් තිබෙ­නවා. ඒ අනුව සම­හර ගොවීන්ට රුපි­යල් 15,000ක් වෙන­මත් රුපි­යල් 10,000ක් වෙන­මත් ගිණු­ම්ව­ලට මුදල් ලබා දෙන්න පටන් ගත්තා. විශේ­ෂ­යෙන්ම මේ වෙන­කොට මුදල් ලබා දීමේ ප්‍රමා­ද­යක් තිබෙ­නවා කියන කාර­ණය චෝද­නා­වක් විදි­හට මේ වෙන­කොට ඇවිත් තිබෙ­නවා. අපි ඒක පිළි­ග­න්නවා. යම් ප්‍රමා­ද­යක් තිබෙ­නවා. ඒ දේ අපි අනි­වා­ර්ය­යෙන්ම නිවැ­රදි කර­නවා.

“පළ­මු­වෙන්ම අපි කිය­නවා ගොවි ජන­තා­වට හෙක්ට­යාර 800,000ක් සඳහා මෙවර 850,000ක් දක්වා වගා කැළැයි කියන දත්ත අපිට ලැබිලා තිබෙ­නවා. ඒ සිය­ලුම ගොවීන්ට හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් 25,000 බැගින් සහ­නා­ධා­රය ලබා දෙනවා. ඒ අනුව රුපි­යල් මිලි­යන 20,000කට වැඩි මුදල් ප්‍රමා­ණ­යක් ඒ සඳහා වෙන් කරලා තිබෙ­නවා. ඒ මුදල් සිය­ල්ලම ලැබෙ­නවා. කිසිම ගොවි­යකු අත්හ­රින්නෙ නැහැ. ඒ සහ­ති­කය අපි ලබා දෙනවා. සම­හර දේවල් දව­සින් දෙකෙන් විස­ඳන්න බැහැ. ඒ වගේම යම් යම් ප්‍රමා­ද­වීම්ද තිබෙ­නවා. මේ වෙන­කොට කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය නිල­ධා­රින් 19,764 අව­ශ්‍යයි. නමුත් මේ වෙන­කොට ඉන්නෙ 13761 යි. ඒ දේව­ලත් හිඟ­යක් තිබෙ­නවා.”