කඩුලු දඩයම වැස්සට නවතී-පළමු දින­ය­ටම ඕවර 20.4යි

තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ ඩර්බන් නුව­රදී ශ්‍රී ලංකා වේග පන්දු යව­න්නන් දකුණු අප්‍රි­කානු පිති­ක­රු­වන් දඩ­යම් කිරීම සාර්ථ­කව ආරම්භ කළත් වර්ෂාව තර­ග­යට හර­ස්වීම හේතු­වෙන් පළමු දිනය ඕවර 20.4ක සීමා කිරී­මට සිදු විය.

පළමු දින­යට තර­ගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කා­රක දකුණු අප්‍රි­කානු පිල කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස් කර ගෙන සිටි­යේය. නායක ටෙම්බා බවුමා ලකුණු 28ක් සහ කයිල් විරෙ­යින් ලකුණු 9ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. දෙදෙනා අතර 5 වැනි කඩු­ල්ලට ගොඩ­නැඟී තිබූ නොබි­ඳුණු සබ­ඳ­තාව ලකුණු 26කි.

ඊයේ දකුණු අප්‍රි­කාවේ වේලා­වෙන් පෙර­වරු 11.25ට පමණ පිටි­යට වර්ෂාව පති­ත­වීම හේතු­වෙන් තර­ගය නතර කළ අතර, ඒ සමඟ දිවා විවේ­කය ගැනී­මට ක්‍රීඩ­කයෝ කට­යුතු කළහ. අන­තු­රුව විටින් විට ඇද­හැ­ලුණු වර්ෂාව හේතු­වෙන් තර­ගය යළි ආරම්භ කිරී­මට නොහැකි වූ අතර, පස්වරු 3.00ට පමණ පළමු දින­යට තර­ගය නතර කිරී­මට විනි­සු­රුවෝ තීර­ණය කළහ.

මේ තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා නායක ධනං­ජය ද සිල්වා පළ­මුව පන්දු­වට පහර දීමේ අව­ස්ථාව සත්කා­ර­ක­යන්ට ලබා දුන් අතර, ඉනිම ඇරඹූ ඒඩ්න් මාක්‍රම් (9) සහ ටෝනි ඩි සෝර්සිට (4) පිටියේ රැඳී සිටී­මට හැකි වූයේ ලකුණු පුව­රුව 14ක් වන­තුරු පමණි.

අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ තෙවැනි ඕව­ර­යෙන් අව­සන් පන්දු­වෙන් ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දු­වක් රැක ගැනී­මෙන් මාක්‍රම් ලකුණු 9කට දැවී ගිය අතර, තවත් පන්දු 2කට පසු සෝර්සි පිටි­යෙන් ඉවත් කිරී­මට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේ කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමු­වේය.

අන­තු­රුව ක්‍රියා­ත්මක වූ ළහිරු කුමාර පිට පිට ඕවර 2කදී ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ ඩේවිඩ් බෙඩිං­හැම් පිටි­යෙන් ඉවත් කළේය. ලකුණු 16ක් ලබා සිටි ස්ටබ්ස් දිමුත් කරු­ණා­රත්න උඩ පන්දු­වක් රැක ගැනී­මෙන් දැවී ගිය අතර, බෙඩිං­හැම් ලකුණු 9කට දැවී ගියේ කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීම හේතු­වෙනි.

මේ අතර දකුණු අප්‍රි­කානු නායක ටෙම්බා බවුමා ඊයේ දැවී යෑම් දෙක­කින් ගැල­වී­මට වාස­නා­වන්ත විය. ඔහු එක් ලකු­ණක් ලබා සිටි­යදී ඉනිමේ 8 වැනි ඕව­රය යැවූ විශ්ව ප්‍රනා­න්දුගේ පළමු පන්දු­වට දුන් උඩ පන්දුව දිමුත් කරු­ණා­රත්න අතින් ගිලිහී ගිය අතර, ළහිරු කුමාර යැවූ 20 වැනි ඕව­රයේ සිවු­වැනි පන්දු­වට එල්ල කළ පහ­රින් කුසල් මෙන්ඩිස් උඩ පන්දු­වක් රැක ගැනී­මට සමත් විය. කෙසේ වෙතත් ලකුණු 20ක් ලබා සිටි බවුමා තව­දු­ර­ටත් පිටියේ රැඳී සිටී­මට වාස­නා­වන්ත වූයේ එය නිප­න්දු­වක් බවට පත් වීමෙනි.

මේ තර­ග­යේදී ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් ධනං­ජය ද සිල්වා සමඟ දිමුත් කරු­ණා­රත්න, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දි­මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජය­සූ­රිය, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු එක්ව සිටිති.

අද තර­ගයේ දෙවැනි දින­යයි.