අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි, අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටියේ.
එදිනට පැවැත්වීමට නියමිත විෂයයන් පමණක් කාලසටහන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.