ඉන්දීය මහ කොම­සා­රිස් සහ ඇමැති නලින්ද අතර හමු­වක්

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා අතර හමු­වක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (26) සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව මේ හමුව සිදු විය.

වත්මන් රජය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ඇසු­රෙන් ඉදි­රි­යේදී දියත් කිරී­මට සැල­සුම් කර ඇති ව්‍යාපෘති කිහි­ප­යක් මෙහිදී පුළුල් සාක­ච්ඡා­වට ලක් වූ අතර, දැනට ක්‍රියා­ත්මක ව්‍යාපෘති සහ වැඩ­ස­ට­හන් කිහි­ප­යක වත්මන් ක්‍රියා­කා­රි­ත්වය පිළි­බ­ඳ­වද තොර­තුරු විමසා බැලී­මක් මෙහිදී සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­රයා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය විසින් ශ්‍රී ලාංකි­ක­යන්ට වඩාත් ප්‍රයෝ­ජ­න­වත් වන ව්‍යාපෘති සහ සංව­ර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියා­ත්මක කරන බවත් ඉදි­රි­ය­ටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුළු සියලු සේවා­වන්හි උන්න­තිය සඳහා සහ­යෝ­ගය දීමට කට­යුතු කරන බවත්ය. සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවී­මට මෙන්ම ද්විපා­ර්ශ්වික සබ­ඳතා ඉහළ නැංවී­මට ඉන්දීය රජය දක්වන දාය­ක­ත්වය ඉතා අගය කරන බවයි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ­මුනි, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ වැඩ­බ­ලන ලේකම් කේ.එම්. වත්සලා ප්‍රිය­ද­ර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ලය නියෝ­ජ­නය කර­මින් පළමු ලේක­ම්ව­රුන් ලෙස දේවිකා ලාල් සහ නව්‍යා සිංග්ලා යන මහත්ම මහ­ත්මීන්, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.