අස­ලං­කගේ ප්‍රහා­ර­යෙන් සැම්ප් පිලට 5 වැනි ජය

චරිත් අස­ලංක ක්‍රියා­ත්මක කළ වේග­වත් පිති­හ­ර­ඹය හේතු­වෙන් අබු­ඩාබී ටී10 තර­ගා­ව­ලියේ 21 වැනි තර­ග­යේදී දිල්ලි බුල්ස් පිලට එරෙ­හිව ලකුණු 2ක තියුණු ජයක් හිමි කර ගැනී­මට මොරි­ස්විල් සැම්ප් ආමි කණ්ඩා­යම සමත් විය.

මෙවර තර­ගා­ව­ලියේ සැම්ප් පිල අඛ­ණ්ඩව හිමි­කර ගත් 5 වැනි ජය මෙය වන අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණේ පසු වෙයි.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් සැම්ප් ආමි පිල කඩුලු 5ක් දැවී ලකුණු 112ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස බුල්ස් පිලට ඕවර 10 අව­සා­නයේ කඩුලු 4ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 110ක් පමණි.

බුල්ස් පිල වෙනු­වෙන් ටිම් ඩේවිඩ් පන්දු 19කින් නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර, ටොම් බැන්ටන් පන්දු 11කින් ලකුණු 25ක් රැස් කළේය. ඉසුරු උදාන සාම්ප් පිල වෙනු­වෙන් ක්‍රීඩා කළ අතර, ඕවර 2ක් යැවූ ඔහු ලකුණු 19ක් දුන්නද කඩුලු දවා ගැනී­මට නොහැකි විය.

සැම්ප් ඉනි­මේදී අංක 3 පිති­කරු ලෙස පිටි­යට පිවිසි චරිත් අස­ලංක වේග­වත් ලකුණු 51ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 25කිනි. මේ හේතු­වෙන් ඔහු තර­ගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.