අම්පාරේ ට්‍රැක්ට­රය පෙරළී අතු­රු­දන් සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගනී

මහ­වැසි මධ්‍යයේ අම්පාර කාර්තිව් මාර්ගයේ මාව­ඩි­පල්ලි ප්‍රදේ­ශ­යෙන් ගමන් කර­මින් තිබූ ට්‍රැක්ට­ර­යක් පෙර­ළී­මෙන් අතු­රු­දන් වූ සිසුන් 6 දෙනා­ගෙන් සිව්දෙ­න­කුගේ සිරුරු සොයා­ගැ­නී­මට ශ්‍රී ලංකා නාවික හමුදා හා පොලිස් ජීවි­තා­ර­ක්ෂක කණ්ඩා­ය­ම්ව­ලට හැකි වී තිබේ.

ඊයේ (27) පෙර­ව­රුවේ සිට නාවික හමුදා පොලිස් සහ ප්‍රදේ­ශයේ ධීවර බෝට්ටු යොදා­ග­නි­මින් මේ මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කරනු ලැබීය. වැසි ජලය විශාල ප්‍රදේ­ශ­යක් තුළ විහිදී ඇති නිසා මෙහෙ­යුම් කට­යු­තු­ව­ලට බාධාද ඇති වූ අතර, මේ කට­යුතු නිරී­ක්ෂ­ණ­යට අම්පාර දිසා­පති චින්තක අබේ­වි­ක්‍රම සහ ශ්‍රී ලංකා යුද හමු­දාවේ 24 වැනි සේනාං­කා­ධි­පති මේජර් ජෙන­රාල් අනිල් මහ­ත්ව­රුද එහි පැමි­ණි­යහ. අන­තු­රට පත් ට්‍රැක්ට­රය පොලී­සිය මැදි­හත් වීමෙන් බැකෝ යන්ත්‍ර­යක් සහ ලොරි­යක් ආධා­ර­යෙන් ඊයේ සවස ගොඩට ගෙන එනු ලැබිණි.

දැනට අම්පාර දිස්ත්‍රි­ක්කයේ අව­තැන් කඳ­වුරු 41ක් පමණ ඇති අතර, එහි 4,620ක් සිටින බව අම්පාර දිසා­පති චින්තක අබේ­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය. මේ අතර අම්පාර නග­රය ඊසීසී හන්දිය ප්‍රදේ­ශයේ තම ගඩොල් වාඩිය බැලී­මට ගිය මිහි­ඳු­පුර ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු අතු­රු­දන් වී ඇති අතර, පොලී­සිය සහ නාවික හමුදා කණ්ඩා­යම් යොදවා පරීක්ෂා කළත් ඊයේ සවස වන තුරුම ඔහු පිළි­බඳ තොර­තු­රක් සොයා­ගැ­නී­මට නොහැකි විය.