රොද­ර්හැම් ශූරයෝ අශාන්-කුෂාන්

රොද­ර්හැම් කටු­කු­රුන්ද 2024 මෝටර් රථ හා යතු­රු­පැදි තර­ගා­ව­ලි­යේදී එස්.එල්.ජී.ටී. මෝටර් රථ තරග ඉසව් ද්විත්ව­යම ජය­ගත් අශාන් සිල්වා තර­ගා­ව­ලියේ දක්ෂ­තම රියැ­දුරා ලෙස කුස­ලාන හිමි­කර ගනිද්දී දක්ෂ­තම ධාව­කයා ලෙස එම්. කාණ්ඩයේ සුපර් 1000 සී.සී. යතු­රු­පැදි තරග ඉස­ව්වෙන් ජය­ගත් කුෂාන් චමෝද් කුස­ලාන දිනා ගත්තේය.

වසරේ උද්වේ­ග­ක­රම හා වේග­වත්ම තර­ගා­ව­ලිය ලෙස නම් දරා සිටින රොද­ර්හැම් කටු­කු­රුන්ද තර­ගා­ව­ලියේ සෙසු මෝටර් රථ තරග ඉස­ව්ව­ලින් හවිඳු, මේනක සඳ­රු­වන්, කෝලිත එදි­රි­සිංහ, චරිත් පෙරේරා, අනු­රාධ නව­රත්න, සුරේන්ද්‍ර ගුණ­ව­ර්ධන, කුෂාන් පීරිස් හා සංගීත් සූරි­යගේ ජය ගැනී­මට සමත් වු අතර, යතු­රු­පැදි තරග ඉස­ව්ව­ලින් බිෂාත අල්විස්, දනුෂ්ක ඩී. සිල්වා, නිකිල පති­රගේ, විනුල පති­රගේ එම්. සුරේන් කුරේ සහ ශෂීකා සඳ­රු­වන් ජය වාර්තා කළහ.

දිනයේ කැපී­පෙ­නෙන ලෙස මෝටර් රථ තරග ඉස­ව්ව­කින් හා යතු­රු­පැදි තරග ඉස­ව්ව­කින් ජය­ගත් සංගීත් සූරි­යගේ නර­ඹ­න්නගේ ජනා­ද­ර­යට පාත්‍ර විය. ශ්‍රී ලංකා මෝටර් රථ ධාව­ක­යන්ගේ සංග­මය සංවි­ධාන කරන ස්ලඩා ශූරතා තරග මාලාවේ තරග ඉස­ව්වක් ලෙස සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලි­යට මෝටර් තරග ඉසව් 12ක් වෙනු­වෙන් තර­ග­ක­රු­වන් 100ක් සහ යතු­රු­පැදි ඉසව් 8කින් රොද­ර්හැම් කටු­කු­රුන්ද තර­ගා­ව­ලිය සම­න්විත වෙයි