යාපනේ රෝහලේ ස්වේච්ඡා සේව­ක­යෝ සෞඛ්‍ය ඇමැති හමු වෙති

සිය වෘත්තීය ගැට­ලු­ව­කට විස­ඳුම් බලා­පො­රො­ත්තු­වෙන් තමා හමු­වී­මට පැමිණි යාප­නය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා­වෙන් සේවය කළ තරුණ තරු­ණි­යන් පිරි­සක් සමඟ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කර විස­ඳුම් සෙවී­මට පිය­වර ගත් බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

වසර 03කට වැඩි කාල­යක් මෙම පිරිස යාප­නය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා සේවය සිදු කර තිබෙන බවත් විශේ­ෂ­යෙන්ම මෙම පිරිසේ සහ­යෝ­ගය ඇතිව රෝහල් සේවා පව­ත්වා­ගෙන යන බවට සාක­ච්ඡා­වේදී අනා­ව­ර­ණය වූ බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

යාප­නය ශික්ෂණ රෝහලේ ස්වේච්ඡා­වෙන් සේවය කළ පිරි­සත් සමඟ පෙරේදා (26) සිදු කළ සාක­ච්ඡා­වෙන් පසුව ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කරනු ලැබීය.

යාප­නය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු මෙම ස්වේච්ඡා පිරිස සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙත පැමිණ තිබුණේ පූර්ව දැනුම් දීම­කින් තොර­වය.

වසර ගණ­නා­වක සිට තමන් යාප­නය ශික්ෂණ රෝහල තුළ සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල රාජ­කා­රී­ව­ලට අදා­ළව සිය ස්වේච්ඡා සේවා­වන් සප­යන බවත් සිය සේවාව ස්ථීර කිරී­මට පිය­වර ගන්නා ලෙසට ඉල්ලා සිටි  බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ඉහත කරුණු පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා ඔවුන් සමඟ මූලික සාක­ච්ඡා­වක් පවත්වා අන­තු­රුව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ඉදි­රි­පි­ටට පැමිණ සිටි අනෙ­කුත් ස්වේච්ඡා සේව­ක­යින් හමු­වට පැමිණි අතර, එම පිරිස සමඟ සුහ­දව සාකච්ඡා කර­මින් එම සේව­ක­යින්ගේ ගැට­ලුව ගැන සිය අව­ධා­නය යොමු කළේය.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ වැඩ­බ­ලන ලේකම් වත්සලා ප්‍රිය­ද­ර්ශනී මහ­ත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන මහතා ඇතුළු නිල­ධා­රීහු මෙම සාක­ච්ඡා­වට එක් වූහ.