ඉන්දීය වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා යළිත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ අංක එකේ පන්දු යවන්නා බවට පත් වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 2ක් ඉදිරියට ගොස් ඔහු පළමු තැනට පත්විය. ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්තිහිදී නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 72කට කඩුලු 8ක් බිඳදමමින් දැක්වූ දස්කම් හේතුවෙන් බුම්රාට යළි පෙරමුණ හිමි විය. ඔහුට ශ්‍රේණිගත ලකුණු 883ක් හිමිව ඇත්තේ සිය වෘත්තීය ක්‍රීඩා දිවියේ ඉහළම ශ්‍රේණිගත ලකුණු ලෙසිනි.
ඒ සමඟ අංක එකේ සිටි දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා දෙවැනි ස්ථානයට වැටුණු අතර, රවිචන්ද්‍රන් අශ්වින් එක් ස්ථානයක් ඉදිරියට ගොස් සිව්වැනි තැනට පත්ව තිබේ. මේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය (801) ස්ථාන 2ක් ඉදිරියට ගොස් 5 වැනි තැනට පත්ව ඇත.
ඉන්දීය දෙවැනි ඉනිමේදී ලකුණු 161ක් රැස් කළ යෂස්වි ජයිස්වාල් ස්ථාන 2ක් ඉදිරියට ගොස් දෙවැනි තැනට පත්ව ඇත්තේ සිය තරග දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස ලකුණු 825ක් සමඟිනි. ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට ද (716) ස්ථාන දෙකක් ඉහළට යෑමට අවස්ථාව හිමිව ඇති අතර, මේ වන විට ඔහු 9 වැනි තැන සිටී. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ස්ථාන 3කින් ඉහළ ගොස් 10 වැනි තැනට පත්ව ඇත.