ජලාශ භාර ඉංජි­නේ­රු­වන්ගේ තාක්ෂ­ණික නිල­ධා­රීන්ගේ නිවාඩු කැන්සල්

පව­තින හදිසි ආපදා තත්ත්වය යට‌තේ ජන­තා­වට අවශ්‍ය සහන සැල­සී­මට සහාය වීම සඳහා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ මහ­වැලි අධි­කා­රියේ ජලාශ භාර ඉංජි­නේ­රු­ව­රුන්, තාක්ෂ­ණික නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම තම සේවා ස්ථාන­වල රැඳී සිටිය යුතු බව කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.පී. වික්‍ර­ම­සිංහ මහතා පව­සයි.

කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහ­තාගේ උප­දෙස් පරිදි මෙම පිය­වර ගත් බවත් ඒ අනුව මෙම නිල­ධා­රීන් මේ වන විට නිවාඩු ලබා­ගෙන ඇත්නම් එම නිවාඩු වහාම ක්‍රියා­ත්මක වන පරිදි අව­ලංගු කිරී­මට තීර­ණය කර ඇතැයි ද ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කරයි.

කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වාරි­මාර්ග අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා, මහ­වැලි අධ්‍යක්ෂ ජන­රාල් සහ කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යා­ගෙන් සම­න්විත කමි­ටු­වක් මඟින් පව­තින ආපදා තත්ත්වය නිර­න්තර අධී­ක්ෂ­ණ­යට සහ සමා­ලෝ­ච­න­ය­ටත් ඇමැ­ති­ව­රයා උප­දෙස් දී තිබේ.

මහ­වැලි අධි­කා­රියේ නිල­ධා­රීන් තම ප්‍රදේ­ශ­වල ආප­දා­වන්ට පත් ජන­තා­වට සහන සැල­සී­මට ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට අවශ්‍ය සහාය ලබා­දිය යුතු බව­ටත් ඇමැ­ති­ව­රයා උප­දෙස් දී ඇතැයි ද වික්‍ර­ම­සිංහ මහතා කියයි.

දැනට පිටාර ගලන ජලා­ශ­ව­ලින් පරා­ක්‍රම සමු­ද්‍රය හා රාජාං­ග­ණය වැව ආශ්‍රි­තව ජීවත් වන ජන­තා­වට අව­ධා­න­යෙන් පසු­වන ලෙස දැනු­වත් කිරීම් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ මහ­වැලි අධි­කා­රියේ ජලාශ භාර ඉංජි­නේ­රු­ව­රුන්, තාක්ෂ­ණික නිල­ධා­රීන් මඟින් සිදු කරන ලෙස­ටත් ඇමැ­ති­ව­රයා උප­දෙස් දුන් බව ද ලේක­ම්ව­රයා කියයි.

වැසි ජල­යෙන් ආප­දා­වට ලක්ව ඇති අක්ක­රෙ­යි­ප­ත්තුව හා නිල්වලා ගඟ ආශ්‍රිත පහ­ත්බි­ම්වල වෙසෙන ජන­තා­වට අවශ්‍ය ආර­ක්ෂිත ක්‍රියා­මාර්ග ගැනී­මට මෙම ආය­ත­න­වල නිල­ධා­රීන් කඩි­න­මින් කට­යුතු කළ යුතු බව­ටත් පව­තින වර්ෂා තත්ත්වය මත ඉදි­රි­යේදී හානි­යට පත්වන ප්‍රදේශ හඳු­නා­ගෙන මෙම නිල­ධා­රීන් අවශ්‍ය සේවා සැප­යිය යුතු බව­ටත් උප­දෙස් දී ඇතැයි ද ලේක­ම්ව­රයා සඳ­හන් කරයි.