සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (26) සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව මේ හමුව සිදු විය.
වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසුරෙන් ඉදිරියේදී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් මෙහිදී පුළුල් සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳවද තොරතුරු විමසා බැලීමක් මෙහිදී සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුළු සියලු සේවාවන්හි උන්නතිය සඳහා සහයෝගය දීමට කටයුතු කරන බවත්ය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට ඉන්දීය රජය දක්වන දායකත්වය ඉතා අගය කරන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම්. වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පළමු ලේකම්වරුන් ලෙස දේවිකා ලාල් සහ නව්‍යා සිංග්ලා යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.