ආගමික නායකයකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් ආරම්භ කළ විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුමක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අතරතුර මුස්ලිම් ජාතික නීතිඥවරයකු ඝාතනයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.
පසුගියදා ඩකා ගුවන්තොටුපොළේදි එම හින්දු ආගමික නායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජද්‍රෝහි ක්‍රියා සහ තවත් චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඩකා අගනුවර සහ චිතගොන් නුවර කේන්ද්‍ර කරමින් හින්දු ජාතිකයන් විරෝධතා පවත්වා ඇත්තේ ඊට එරෙහිව බව ද එරට මාධ්‍ය සඳහන් කළේය.
හින්දු ආගමික නායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ චිතගොන් නුවර පැවති දැවැන්ත හින්දු රැලියකදී බංග්ලාදේශ ජාතික ධජයට අගෞරවය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට බව වාර්තා වේ.
මේ වන විට බංග්ලාදේශයේ සාමය තහවුරු කිරීමට දැඩි ආරක්ෂක කටයුතු යෙදීමට එරට අන්තර්වාර රජය පියවර ගෙන ඇති බවත්, හින්දු ජාතිකයන්ගේ විරෝධතාව අතරතුර පුද්ගලයකු මිය යෑම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට පොලීසියට උපදෙස් දී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. එම මරණයට සැක පිට හින්දු ජාතිකයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සමඟ ගැටුම් ඇති කරගත් තවත් 21 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.