මහවැසි මධ්‍යයේ අම්පාර කාර්තිව් මාර්ගයේ මාවඩිපල්ලි ප්‍රදේශයෙන් ගමන් කරමින් තිබූ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ සිසුන් 6 දෙනාගෙන් සිව්දෙනකුගේ සිරුරු සොයාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා හා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හැකි වී තිබේ.
ඊයේ (27) පෙරවරුවේ සිට නාවික හමුදා පොලිස් සහ ප්‍රදේශයේ ධීවර බෝට්ටු යොදාගනිමින් මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය. වැසි ජලය විශාල ප්‍රදේශයක් තුළ විහිදී ඇති නිසා මෙහෙයුම් කටයුතුවලට බාධාද ඇති වූ අතර, මේ කටයුතු නිරීක්ෂණයට අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් මහත්වරුද එහි පැමිණියහ. අනතුරට පත් ට්රැක්ටරය පොලීසිය මැදිහත් වීමෙන් බැකෝ යන්ත්‍රයක් සහ ලොරියක් ආධාරයෙන් ඊයේ සවස ගොඩට ගෙන එනු ලැබිණි.
දැනට අම්පාර දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 41ක් පමණ ඇති අතර, එහි 4,620ක් සිටින බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේය. මේ අතර අම්පාර නගරය ඊසීසී හන්දිය ප්‍රදේශයේ තම ගඩොල් වාඩිය බැලීමට ගිය මිහිඳුපුර ප්‍රදේශයේ පුද්ගලයකු අතුරුදන් වී ඇති අතර, පොලීසිය සහ නාවික හමුදා කණ්ඩායම් යොදවා පරීක්ෂා කළත් ඊයේ සවස වන තුරුම ඔහු පිළිබඳ තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.