රොදර්හැම් කටුකුරුන්ද 2024 මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේදී එස්.එල්.ජී.ටී. මෝටර් රථ තරග ඉසව් ද්විත්වයම ජයගත් අශාන් සිල්වා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස කුසලාන හිමිකර ගනිද්දී දක්ෂතම ධාවකයා ලෙස එම්. කාණ්ඩයේ සුපර් 1000 සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් ජයගත් කුෂාන් චමෝද් කුසලාන දිනා ගත්තේය.
වසරේ උද්වේගකරම හා වේගවත්ම තරගාවලිය ලෙස නම් දරා සිටින රොදර්හැම් කටුකුරුන්ද තරගාවලියේ සෙසු මෝටර් රථ තරග ඉසව්වලින් හවිඳු, මේනක සඳරුවන්, කෝලිත එදිරිසිංහ, චරිත් පෙරේරා, අනුරාධ නවරත්න, සුරේන්ද්ර ගුණවර්ධන, කුෂාන් පීරිස් හා සංගීත් සූරියගේ ජය ගැනීමට සමත් වු අතර, යතුරුපැදි තරග ඉසව්වලින් බිෂාත අල්විස්, දනුෂ්ක ඩී. සිල්වා, නිකිල පතිරගේ, විනුල පතිරගේ එම්. සුරේන් කුරේ සහ ශෂීකා සඳරුවන් ජය වාර්තා කළහ.
දිනයේ කැපීපෙනෙන ලෙස මෝටර් රථ තරග ඉසව්වකින් හා යතුරුපැදි තරග ඉසව්වකින් ජයගත් සංගීත් සූරියගේ නරඹන්නගේ ජනාදරයට පාත්ර විය. ශ්රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සංවිධාන කරන ස්ලඩා ශූරතා තරග මාලාවේ තරග ඉසව්වක් ලෙස සංවිධාන කළ මේ තරගාවලියට මෝටර් තරග ඉසව් 12ක් වෙනුවෙන් තරගකරුවන් 100ක් සහ යතුරුපැදි ඉසව් 8කින් රොදර්හැම් කටුකුරුන්ද තරගාවලිය සමන්විත වෙයි