පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ පරීක්ෂණ ධනාත්මකව සිදු වන බව පෙනී යන බවත් එම පරීක්ෂණ කඩිනමින් අවසන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලාපොරොත්තු වන බවත් ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ප්රකාශක ජූඩ් ක්රිෂාන්ත පියතුමා ඊයේ (27) ‘දිනමිණට’ පැවසූහ.
ජූඩ් ක්රිෂාන්ත පියතුමා මෙසේ ද පැවසූහ.
”පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්රහාර සම්බන්ධ පරීක්ෂණ පිළිබඳ සෑහීමට පත්වීමට නම් ප්රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් පැමිණවීමට කඩිනම් පියවර ගත යුතුයි. රජය විනිවිදභාවයෙන් සෑම දෙයක්ම කළ යුතුයි. රහසිගතව පරීක්ෂණ පවත්වා අපව දැනුවත් කරනවා වෙනුවට ඔවුන් කළ යුත්තේ ඒවායේ ප්රතිඵල මහජනතාවට දැනුම්දීමයි. වත්මන් පාලනයෙන් හුදු වාර්තා සම්පාදනය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෝම්බ ප්රහාර මාලාවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව වහාම නිසි ක්රියාමාර්ග ගත යුතුයි.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ පරීක්ෂණවලදී පසුගිය පාලන සමය තුළ නොසලකා හරින ලද සමහර පැති ගැන රහස් පොලීසිය දැන් අවධානය යොමු කර තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් මේ වන විට චැනල් 4 බෝම්බ ප්රහාරයන් පිළිබඳ හෙළිදරව් කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් කැඳවා ප්රකාශ සටහන් කර ගනිමින් තිබෙනවා. අප බලාපොරොත්තු වූයේ එයයි. මෙම ප්රයත්නයන් එකම මට්ටමේ කැපවීමකින් ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”