ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් බංග්ලා­දේ­ශයේ හින්දු විරෝ­ධතා

ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විරෝ­ධය පාමින් බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන් ආරම්භ කළ විරෝ­ධ­තා­ව­කට කඳුළු ගෑස් ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් විරෝ­ධ­තා­ක­රු­වන් හා පොලී­සිය අතර ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අත­ර­තුර මුස්ලිම් ජාතික නීති­ඥ­ව­ර­යකු ඝාත­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

පසු­ගි­යදා ඩකා ගුව­න්තො­ටු­පො­ළේදි එම හින්දු ආග­මික නාය­කයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, රාජ­ද්‍රෝහි ක්‍රියා සහ තවත් චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇතැයි බංග්ලා­දේ­ශයේ මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඩකා අග­නු­වර සහ චිත­ගොන් නුවර කේන්ද්‍ර කර­මින් හින්දු ජාති­ක­යන් විරෝ­ධතා පවත්වා ඇත්තේ ඊට එරෙ­හිව බව ද එරට මාධ්‍ය සඳ­හන් කළේය.

හින්දු ආග­මික නාය­කයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පසු­ගිය ඔක්තෝ­බර් මාසයේ චිත­ගොන් නුවර පැවති දැවැන්ත හින්දු රැලි­ය­කදී බංග්ලා­දේශ ජාතික ධජ­යට අගෞ­ර­වය කිරීම ඇතුළු චෝදනා කිහි­ප­ය­කට බව වාර්තා වේ.

මේ වන විට බංග්ලා­දේ­ශයේ සාමය තහ­වුරු කිරී­මට දැඩි ආර­ක්ෂක කට­යුතු යෙදී­මට එරට අන්ත­ර්වාර රජය පිය­වර ගෙන ඇති බවත්, හින්දු ජාති­ක­යන්ගේ විරෝ­ධ­තාව අත­ර­තුර පුද්ග­ල­යකු මිය යෑම පිළි­බඳ විම­ර්ශන කට­යුතු සිදු කිරී­මට පොලී­සි­යට උප­දෙස් දී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. එම මර­ණ­යට සැක පිට හින්දු ජාති­ක­යන් 6 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, පොලී­සිය සමඟ ගැටුම් ඇති කර­ගත් තවත් 21 දෙනකු ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.