අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා විඳින ජන­තා­වට සහන සල­සන්න සියලු පිය­වර ගෙන තිබෙ­නවා-ආර­ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයි­ය­කොන්තා

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යෙන් පීඩා විඳින ජන­තා­වට ප්‍රමා­ද­ය­කින් තොරව අවශ්‍ය සහන සල­සන ලෙසත් අවශ්‍ය ප්‍රති­පා­දන ලබා­දෙන ලෙසත්, ජනා­ධි­පති සහ අග­මැ­ති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ විශේෂ සාක­ච්ඡා­වේදී අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන් බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික)  සම්පත් තුයි­ය­කොන්තා  මහතා පැව­සීය.

පව­තින අය­හ­පත් කාල­ගු­ණික ආපදා තත්ත්වය පිළි­බඳ ඊයේ (27) ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමු­වේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික)  සම්පත් තුයි­ය­කොන්තා  මහතා:

කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ පුරෝ­ක­ථ­න­යන් මත අඩු පීඩන තත්ත්ව­යක් හමුවේ වැඩි සුළං හමුවේ ඉතා­මත් තදින් වැසි සහිත කාල­ගුණ තත්ත්ව­යක් රටේ පව­ති­නවා. එම තත්ත්වය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ පුරෝ­ක­ත­න­යන්ට අනුව එය මේ මස 29 වෙනිදා දක්වා පව­තින බව සඳ­හන් කර තිබෙ­නවා. ඒ අනුව දැනට රටේ දිස්ත්‍රික්ක ගණ­නා­වක, මූලි­ක­වම උතුර,  නැඟෙ­න­හිර පළාත, උතුරු මැද පළාත, මධ්‍යම කඳු­ක­රය සහ දකුණු පළාත මේ අය­හ­පත් කාල­ගුණ තත්ත්වය නිසා ගංව­තුර තත්ත්ව­යක් ඇතිව තිබෙ­නවා.

ඒ අනුව සැල­කිය යුතු පවුල් ප්‍රමා­ණ­යක් මේ ගංව­තුර තත්ත්ව­යට භාජ­නය වෙලා. සම­හර පවුල් විශාල සංඛ්‍යා­වක් සහන ස්ථාන­ව­ලට සහ ආර­ක්ෂිත ස්ථාන­ව­ලට කැඳ­වා­ගෙන ගොස් තිබෙ­නවා. ඒ අනුව ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ප්‍රමුඛ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට සම්බ­න්ධ­වෙලා තිබෙන සිය­ලුම ආය­තන මේ සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්ම­කව රජයේ විවිධ පාර්ශ්ව සම­ගින් සම්බ­න්ධව මේ සහන කට­යු­තු­ව­ලට සහ මුදා ගැනීමේ කට­යු­තු­ව­ලට මේ වන විටත් සම්බ­න්ධව සිටි­නවා.

ඒ වගේම ත්‍රිවිධ හමු­දා­වේම භට පිරිස්, රථ­වා­හන, ගුවන් හමු­දාවේ ගුවන් යානා, අවශ්‍ය ආකා­ර­යට අපි සූදා­නම් කර තිබෙ­නවා. ගුවන්, නාවික සහ යුද හමු­දාවේ තිබෙන වාහන, භට පිරිස් මඟින් අවශ්‍ය කරන ආය­තන සමඟ සම්බ­න්ධවී මුදා ගැනීමේ කට­යු­තු­වල සහ සහන සේවා සප­යන කට­යු­තු­වල දැන­ට­මත් යෙදී සිටි­නවා.

අද උදෑ­සන ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් හා අග­මැ­ති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් සාක­ච්ඡා­වක් පැවැ­ත්වූවා. සිය­ලුම ආය­තන ප්‍රධා­නීන් සමඟ එම සාක­ච්ඡා­වේදී විශේ­ෂි­තවූ කරුණු මත ජනා­ධි­ප­ති­තුමා අග­මැ­ති­තු­මිය රැස්වී සිටි සිය­ලුම නිල­ධා­රීන්ට අවශ්‍ය උප­දෙස් ලබා දුන්නා. අවශ්‍ය කරන ප්‍රති­පා­දන සඳ­හාත් උප­දෙස් ලබා දෙනු ලැබුවා. රජයේ භාණ්ඩා­ගා­ර­යට අවශ්‍ය කරන ප්‍රති­පා­දන ප්‍රමා­ද­ය­කින් තොරව ලබා දෙන ලෙසට අනු­මැ­තිය දී තිබෙ­නවා.

වීර­විල, හිඟු­ර­ක්ගොඩ, යාප­නය, අනු­රා­ධ­පුර, ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් යානා ස්ථාන­ගත කර තිබෙ­නවා නාවික හමු­දාව හැම­වි­ටම කිසිම ප්‍රමා­ද­ය­කින් තොරව අව­ශ්‍ය­ක­රන බෝට්ටු භට පිරිස් හැම දිස්ත්‍රි­ක්ක­ය­කම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සහ සම්බන්ධ වෙමින් අවශ්‍ය සහන නොප­මාව ඉටු කිරී­මට යොදවා තිබෙ­නවා.

යුද හමු­දාවේ තිබෙන විශේ­ෂිත රථ, ගංව­තුර තර්ජන මැද ගමන් කිරී­මට හැකි විශේ­ෂිත රථ විශාල ප්‍රමා­ණ­යක් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල හරහා සම්බ­න්ධී­ක­ර­ණය වෙමින් සිටි­නවා. අපි මීට දවස් කිහි­ප­යක පෙර විශේෂ රථ යොද­වලා අ.පො.ස. උසස් පෙළ විභා­ග­යට සහ­භාගි වන දරු­වන්ට අවශ්‍ය ගමනා ගමන පහ­සු­කම් කිහි­ප­ව­තා­වක්ම ලබාදී තිබෙ­නවා. මේ සියලු දේම මනා සම්බ­න්ධ­තා­ව­ය­කින් යුතුව ත්‍රිවිධ හමු­දාව සහ රජයේ ආය­තන ඒ නිල­ධා­රීන්,  ගම්ම­ට්ට­මින් සිටින සිය­ලුම පුර­වැ­සි­යන්ගේ සම්බ­න්ධී­කා­ර­ක­ත්වය යටතේ හරි­යා­කා­රව ඉෂ්ට වෙන බවට කියන්න පුළු­වන්.

ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) උදය හේරත් මහතා,

මේ ඇති වී තිබෙන තත්ත්වය මත සම­ස්ත­යක් වශ­යෙන් ගත්කළ දිස්ත්‍රික්ක 18ක සහ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 141ක පවුල් 66,947ක පුද්ග­ල­යන් 230,743 දෙනෙකු මෙයින් බල­පෑ­මට ලක්ව තිබෙ­නවා. මිය­ගිය සංඛ්‍යාව 4ක් වෙනවා. මේ බල­පෑ­මෙන් අතු­රු­දන් සංඛ්‍යාව 6ක් වෙනවා. තුවාල ලැබූ­වන් ගණන 9ක්. මේ තත්ත්වය මත පූර්ණ නිවාස හානි 8ක් සහ අර්ධ නිවාස හානි 620ක් පමණ අපිට මේ වන­විට වාර්තා වී තිබෙ­නවා. මේ වන­විට ආර­ක්ෂිත කඳ­වුරු 165ක පුද්ග­ල­යන් 15,586 දෙනෙකු රඳවා සිටි­නවා. ඔවුන්ට අවශ්‍ය පහ­සු­කම් රජයේ මැදි­හ­ත්වී­මෙන් ලබාදී තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අදාළ පාර්ශ්ව­ක­රු­වන් සම්බන්ධ වෙමින් එම ජන­තා­වට අවශ්‍ය පහ­සු­කම් සල­සන්න අවශ්‍ය කඩි­නම් ක්‍රියා­මාර්ග ගෙන තිබෙ­නවා.

ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය මෙන්ම ආර­ක්ෂක අංශ සහන කට­යුතු සඳහා මැදි­හත් වී සිටි­නවා. නිර­න්ත­ර­යෙන් අපි නිකුත් කරන අව­වා­දා­ත්මක නියෝ­ග­යන් කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. පිළි­ප­දින්න. ඒ තුළ මුදා ගන්න පුළු­වන්. ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය තුළ පැය 24 පුරා ක්‍රියා­ත්මක මෙහෙ­යුම් මැදි­රි­යක් ක්‍රියා­ත්මක වෙනවා. ඊට අම­ත­රව 117 දුර­ක­තන අංක­යට හදිසි අව­ස්ථා­වක දැනුම් දෙන්න පුළු­වන්. යම්කිසි සිදු­වී­මක් සිදු­වන්නේ නම් මේ අංක­යට දැනුම් දෙන්න කියා ඉල්ලී­මක් කර­නවා. ඒ අනුව අදාළ පාර්ශ්ව වෙත යොමු කරන්න පුළු­වන්. මේ යන්ත්‍ර­ණය දැන­ට­මත් ක්‍රියා­ත්මක වෙනවා.

කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක මහතා,

මේ වර්ධ­නය වූ  වායු පද්ධ­තිය පසු­ගිය 21 දා සිට විශ්ලේ­ෂ­ණය කර තිබෙ­නවා. දකුණු අන්ද­මන් දූපත් අසල මේ තත්ත්වය ඇති­වුණා. මුලින්ම වර්ධ­නය වුණේ කැළ­ඹිලි ස්වාභා­ව­යක්. ඊට පස්සේ අඩු­පී­ඩන කලා­ප­යක් බිහි වුණා. මෙහි ගමන් මාර්ගය තිබුණේ වය­ඹට බරව උතුරු දිශා­වට. මේ තත්ත්වය තුළ ගැඹුරු පීඩන අව­පා­ත­යක් බවට පරි­ව­ර්ත­නය වී තිබෙ­නවා. ඒ අනුව වත්මන් තත්ත්වය ගත්විට රජය ගනු ලැබූ ක්‍රියා­මාර්ග හේතු­වෙන් ජීවිත හානි අව­ම­කර ගන්න හැකිව තිබෙ­නවා. දැනට මේ පීඩන අව­පා­තය ස්ථාන­ගත වී තිබෙන්නේ ත්‍රීකු­ණා­ම­ලයේ සිට කිලෝ­මී­ටර් 120ක් පමණ ඈතින්. නමුත් මෙය දැන­ටත් බල­පෑම් කර­නවා. ඒ අනුව රටේ පළාත් කිහි­ප­ය­කට මිලි­මී­ටර් 150ක පමණ වර්ෂා­වක් ලැබීමේ හැකි­යාව තිබෙ­නවා. ඊයේ දින­යට සාපේ­ක්ෂව අද වන­විට වර්ෂාව ප්‍රමා­ණා­ත්ම­කව අඩු වී තිබෙ­නවා.

දිව­යිනේ අනෙ­කුත් පළා­ත්වල වර්ෂා­ප­ත­නය තිබෙ­නවා. තැනින් තැන වැසි හෝ ගිගු­රුම් සහිත වැසි තිබෙ­නවා. අත­රින් පතර සූර්යා­ලෝ­කය වැටෙ­නවා. ඒ පළා­ත්වල තර­මක වැසි තත්ත්ව­යක් තමයි තිබෙන්නේ. මීට අම­ත­රව මේක සුළි කුණා­ටු­වක් බවට පත්ව තිබෙ­නවා. මේක ලංකා­වට එනවා ද කියා ජන­තාව බියට පත්ව තිබෙ­නවා. මෙය ලංකා­වෙන් බැහැ­රට යන්නේ. ඉදිරි දින කිහි­පයේ දී ලංකා­වෙන් බැහැ­රට යන තත්ත්ව­යක් තමයි තිබෙන්නේ. 29 වන­විට බොහෝ විට මෙය ඉන්දි­යා­වට ගමන් කර­නවා. මේ සුළි කුණා­ටුව දිව­යි­නෙන් බැහැ­රට ගමන් කිරීම හේතු කොට­ගෙන ඉදිරි දින කිහි­පයේ දී සුළු වශ­යෙන් වර්ෂා­ප­තන තිබෙ­නවා. හෙට දිනයේ පළාත් කිහි­ප­යක මිලි­මී­ටර් 100 – 150 වැසි තිබෙ­නවා. මෙය ක්‍රම­යෙන් සුළි කුණා­ටු­වක් බවට පරි­ව­ර්ත­නය වන නිසා ලංකාව තුළ සුළං තත්ත්ව­යක් අපේක්ෂා කරන්න පුළු­වන්.

සුළගේ වේගය පැයට කිලෝ­මී­ටර් 40 – 50 දක්වා ඉහළ යනවා. මේ නිසා විශේ­ෂ­යෙන්ම ධීවර ප්‍රජාව දැනු­ම්වත් කර­නවා මේක විශාල වශ­යෙන් තිබෙන්නේ ලංකාවේ නැඟෙ­න­හිර වෙර­ළ­බඩ තීර­යට ඔබ්බෙන් ගැඹුරු මුහුදු තීර­යේයි. ඒ නිසා මේ පද්ධ­තිය හේතු කොට­ගෙන කඩින් කඩ වැසි හෝ ගිගු­රුම් සහිත වැසි තත්ත්ව­යක් නිර්මා­ණය වෙනවා. ඊට අම­ත­රව මුහුදු සීමාව රළු වෙනවා. සුළං වේගය පැයට කිලෝ­මී­ටර් 80 – 90 දක්වා ඉහළ යාමේ තත්ත්ව­යක් තිබෙ­නවා. මේ නිසා ධීවර කට­යු­තු­වල නිරත වීමේ දී අව­ධා­නය යොමු කළ­යුතු වෙනවා. සුළි කුණා­ටු­වෙන් අපට වක්‍ර බල­පෑ­මක් තිබෙන්නේ. 29 දායින් පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී ඇති­වන වැසි පම­ණයි ඇති වන්නේ. ඒ නිසා අනිසි බියක් ඇති­කර ගත­යුතු නැහැ. ශ්‍රී ලංකාව තුළ තිබෙන වර්ෂා­ප­ත­නයේ අඩු­වී­මක් තිබෙයි කියා හිත­නවා.

මේ අව­ස්ථා­වට ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ‍ෙජන­රාල් (විශ්‍රා­මික) උදය හේරත්, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ‍ජනරාල් අතුල කරු­ණා­නා­යක, ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් ඉංජි­නේරු ආචාර්ය ආසිරි කරු­ණා­ව­ර්ධන, වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ඉංජි­නේරු අජිත් ගුණ­සේ­කර, ජාතික සහන සේවා මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ නාමල් ලිය­නගේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් හර්ෂ බණ්ඩාර යන මහ­ත්වරු එක්ව සිටි­යහ.