රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (26) ප්රකාශයක් සටහන් කරගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයා පැය දෙකහමාරක කාලයක් එහි රැඳී සිට ඇති අතර උදේ 11.15ට පමණ පැමිණ පස්වරු 1.30ට පමණ පිටත්ව ගිය බව කොමිසමේ ප්රකාශකයෙක් පැවසීය. රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙලෙස කොමිසමට කැඳවා තිබිණි.