පුත්තලම විභාග මධ්‍යස්ථාන 2ක් ජලයෙන් යටවෙයි

හදිසියේ වැසි ඇතිවීමේන් ජලය පිරී ගිය හින්දු විදුහලේ විභාගයට පෙනී සිටි සිසුන් පාසල් භූමියේ ජලය මැදින් ආපසු මෙසේ නිවෙස් වෙත ගමන් කරන අයුරු.

පුත්තලම අධ්‍යාපන කලාපයේ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක් මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වූ බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා පැවැසීය.

අධ්‍යක්ෂවරයා පවසා සිටියේ 26දා උදේ කාලයේ උසස් පෙළ විභාගයට සිසු දරුවන් ගමන් කරන විට යථා තත්වයෙන් තිබූ පුත්තලම හින්දු හා මදුරන්කුලිය විද්‍යාලය දහවල් මහ වැසිත් සමඟ ජලයෙන් යටවී ගිය බවයි.

ඒ හේතුවෙන් විභාගය අවසන්වී ආපසු සිසුන් ජලය මතින් ඒමට සිදුව තිබූ බවද පැවසීය.

කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථානවල ඊයේ(26) දින රාත්‍රියේ වැසි තදින් ලැබීම සිදුවුවහොත් වෙනත් ස්ථානවලට මෙම සිසුන් යොමු කිරීමට සිදුවන බවද පැවසීය.